Posts

Showing posts from January, 2013

විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා විරෝධතාවක්

Image
ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය  ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුහ. ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

ඩොල්ඨෆින් මාළුන් ඇල්ලූ ධිවරයෝ 15ක් අත්අඩංගුවට

Image
බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ධීවර යාත්‍රා කීපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ. ඩොල්ෆින් මැරීම සපුරා තහනම්ය. කෙලවල්ලන් අල්ලන බව කියමින් ඩොල්ඨෆින් මාළුන් මරා ඇතැයි ද, මරා දැමුණු මාළුන් 100ක් පමණ මුහුදේ සිටි බව වෙනත් ධීවරයන් පිරිසක් දැක ඇතැයි ද කියති.

සොරාගත් රන් මුදු ලක් කතගේ බඩේ

Image
කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ මුතාරක්කියා ස්වර්ණාභරණ සාප්පුවකින් රන් මුදු සොරා ගත් ශ්‍රී ලාංකික කතක හා ඉන්දියා ජාතිකයකු රෝහලට ගෙන ගොස් විරේකයක් දීමෙන් පසුව හොර බඩු එළියට ගත් බව සල්න්රියා පොලීසිය කියයි.

අයි පෑඩ් සොරකමේ ගිය නිරුපිකාව

Image
පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.  මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.  පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.  පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.

මුස්ලිම් නොවන ළමුන් වෙනුවෙන් පවත්වන සමස්ථ ලංකා රචනා තරංගාවලිය

Image
පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක් පිළිබඳව දැන්වීමක් පලවිය. එම රචනාවේ මාතෘකාව වූයේ " මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහම්මද් නබි තුමානෝ " යන්නයි.   මෙම තරඟාවලියේ විශේෂත්වය නම් එය සඳහා ලිපි ඉදිරිපත් කල හැකිවන්නේ මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට පමණි. මෙහි ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 20 000 ක මුදලක් හිමිවන අතර දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 15 000 සහ 10 000 හිමිවන බව එහි දැක්විණි.

ජාතික ගීය වෙනස් කිරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෙළ උරුමය අවධාරණය කරයි.

Image
ජාතික ගීය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ඇමැතිවරයකු දරන උත්සාහය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එය වෙනස් කිරීමට යමෙක් යෝජනා කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවද හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය පනස් හැවිරිදි කත අත්අඩංගුවට

Image
කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි. නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව  පොලීසිය පවසයි. පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුවපොලීසිය එහි සැඟවී සිටියේය. මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.

රිසානාගේ මව්පියනට හමුදාවේන් නව නිවෙසක්

Image
මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන්  මුල්ගල් තැබිණි. පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් යුද හමුදාවේ 224 වැනි බළසේනා මූලස්ථානයේ කර්නල් විකුම් ලියනගේ ඉදිකිරීම් බාරව ක‍්‍රියාකරයි. සෞදි රජයෙන් හිසගසා මරාදැමුණු රිසානා ජීවත්වූයේ පොල් අතු පැළකය. රිසානාගේ මව අහමදු සෙයියදු පරීනා හා පියා මොහොමදු සුල්තාන් නෆීක්ද  මුල්ගල් තැබූහ. රිසානා ජීවත් වූ පැල්පත කඩා නොදමා මේ නිවෙස ඉදිකැරෙනුයේ රිසානාගේ මවගේ ඉල්ලීමක් අනුවය.

ඉතාලියේ මිලානෝ නුවර ලාංකිකයකුට යුරෝ 7600 දඩයක්

Image
  මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ  නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික ආරක්ෂණ සේවය 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට යුරෝ 7600 (රුපියල් 1262512ක) දඩයක් ගැසීය.  ලේබල් නැතිව අහාර ද්‍රව්‍ය විකිණීමට තැබීම අපිරිසුදු භාජන, ආදිය තබා ගැනීම ගැන ඔහු වැරැදිකරු විය.

බුද්ධ බාර් වැටලීම

Image
"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bey" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්‍ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.

පොලීසියෙන් වන අසාධාරණ කියන්න පොලීසියෙන් අංකයක්

Image
යම් පුද්ගලයෙකුට වූ අසාධාරණයක් ගැන සිය පොලිස් බලප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී අසාධාරණයක් වූවේ යැයි වැටහේ නම් එම පැමිණිල්ල කීමට අංකයක් ඇති බව පොලීසිය පවසනවා. 0112 444 480 යන අංකයයට එම පැමිණිලි පොලිස්පති උපකාරක මැදිරියට පවසා විසඳුමක් ලබා ගත හැකි බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 

ලංකාවේ සරාගිතම ගර්භනී කාන්තාව !

Image
ඇමරිකාවේ පිරිමින් සදහා වු ප‍්‍රසිද්ධ මාසික සඟරාවක් වන GQ (Gentlemen's Quarterly) මාසක සඟරාව විසින් සහස‍්‍ර වර්ෂයකයේ සරාගී කාන්තාවන් 100 දෙනාගේ ලයිස්තුව පසුගියදා ප්‍රකාශකොට තිබෙනවා. 

ලංකාවේ බුද්ධ බාර් හෝටලය වටලයි

Image

අවසන් රජු සිරගතව සිටි කොටුවේ සිර ගෙය

Image
අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ඉන්දියාවට පිටමං කළ පසු ක‍්‍රි.ව. 1815 මාර්තු 02 වැනිදා ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් හා නිලධාරීනුත් සිංහල උඩරට ප‍්‍රධානීන් අතර මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙන් සිංහලය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතට පැවරිණි. එතැන් සිට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙනතුරුම මෙරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය විණි.

පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ

Image
පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත‍්‍රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්

Image
ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් අනතුරුව තරගය අත්හැරදැමීම පිළිබඳව විරෝධය දක්වමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.

ත්‍රීරෝද රථයක ඇඳුම් නැතිව සිටි බාල වයස්කාරියක හා පෙම්වතා පොලීස් අත්අඩංගුවට

Image
බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම ජෝඩුව ද ත්‍රිරෝද රථයෙන් පිට සිට ඔත්තු බැලූ බව

නයි නලගනව කපා කොටා මහා මගා දමා ගොස්

Image
පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් මහත් ආන්දෝලනයට ලක්වූ කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ. 

දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට මරණ දඬුවම

Image
බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට නැගෙනහිර පළාත් බඳ මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.

පාසල් දැරියන් 25 දෙනකු කෙළෙසූ විදුහල්පතිවරුන්ගෙ වැඩ තහනන්

Image
පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා රැස්වීමේදී අද ප්‍රකාශ කළේය. රිසානා නෆීක් වැනි දැරියන් කී දෙනකු වසරකට ශ්‍රී ලංකාවේදී ඝාතනය වන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.

කනඳරාව වැවේ උණ්ඩ 2729ක් හමුවේ

Image
මිහින්තලේ මහ කනඳරාව වැවේ අඩි දහයක් ගැඹුරේදී අදත් උණ්ඩ 2729ක් ගොඩ ගැනීමට අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සමත් විය.

නන්දිකඩාල් කලපුවේ හමුදා හෝටලයක්

Image
තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුවේ යුද හමුදා හෝටලයක් ඉදි කැර ඇත.

නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි දෙපත් නයා.

Image
නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. ඔවුන් අල්ලාගෙන ඇත්තේ කිසිම විසක් නැති ඉතාම අහිංසක උරගයකු බව කිසිවෙක් නොදත්හ.

මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ නෙහාරා හා මේනක ගේ පෙම් කතාව

Image
නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා.  මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව  මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි.  පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.

ලන්ඩන් නුවරදී වෙන් දේසිවන අපෙ උරුමය​

Image
 

ෆේස්බුක් ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම

Image
මාස දෙකකට පමණ ඉහතදී තුම්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදී නොකියා ලුමියා නවීන පන්නයේ දුරකතනයක් සොරාගෙන තිබු අතර පසුගිය කාලය පුරාවටම එම සොරකම පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණේ එම සොරාගත් පුද්ගලයා එම දුරකතනයට සිම් පතක් ඇතුල් නොකිරීම හේතුවෙනි.  නමුත් මාස දෙකකට පමණ පසු සොරාගත් පුද්ගලයා විසින් සිය පෙම්වතියගේ ජායාරුප කිහිපයක් එම දුරකථනය ඔස්සේ ලබාගෙන තිබෙනවා. 

මොකක්ද මේ හලාල් සහතිකය?

Image
මුස්ලිම් ජාතිකයන් විසින් සිය ආහාර ලබාගැනීමට ප්‍රථම පහතින් කුරාණයේ දැක්වෙන ආකාරයට ආකාරයේ මාංශ එම ආහාරයන්හි අඩංගු දැයි යන්න සොයා බැලිය යුතුය. ඉස්ලාමීය ඉගැන්වීම් තුළ හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳ එලෙස සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

කරවිල ඇටයි දෙළුම් ඇටයි පිළිකා සටනට එයි

Image
බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ඇමැති මර්වින්ට මහර උසාවිය අසල උද්ඝෝෂණ

Image
කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෝ මහර මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබූහ. පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.

පැය 12ක් වතුර කපයි

Image
කොළඹ, කො ට්ටේ, මහරගම, දෙහිවල, කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා (19) උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

වල් ඌරෙක් සිය ලඟම මිතුරෙකු කරගත් මිනිසෙක්.

Image
මිනිසෙක්, වල් ඌරෙක් සිය ලඟම මිතුරෙකු කරගත් අපුරු පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෑගල්ල අලව්ලාවෙල පදිංචි එම්.පී.පියදාස ගේ වයස අවරුදු හැත්තෑ දෙකකි. ඔහු "වයිරා" නමැති වල් ඌරා කුඩා කල පටන් කිරි දී හදාවඩා ගෙන ඇති අතර කන්නේ බොන්නේ නිදා ගන්නේද මෙම වල් ඌරා සමගය.  නමුත් ඔහුගේ ප්‍රදේශවාසින් මෙම වල් ඌරු ආදරය රු ස්සා නොමැති අතර ඒ අනුව වල් ඌරෙකු නිදැල්ලේ සිටීම අනාරක්ෂිත බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.  ඒ අනුව පැමිණිල්ල විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් ගේ මතය වී ඇත්තේ මෙම වල් ඌරා අනෙකුත් අයට හිරිහැරයක් බවත්, ආරක්ෂාවක් නොමැති නිසාත් වෙනමම ස්ථානයක තැබිය යුතු බවත් එසේ නොමැති නම් වන ජීවි දෙපාර්තුමේන්තුවට භාර දිය යුතු බවය. නමුත් එයට එකහෙලා විරුද්ධ වන පියදාස පවසන්නේ මෙවැන්නක්  

අමාවකට බැසගිය සඳ රිසානා

Image
හොරුන් ත්‍රස්තවාදින් මිනිසුන් මාර සඟවනාසේ සවුදී රජයද, දීරිය දියණියක් වූ රිසානා අමානුෂික ලෙස ඝාතනය කොට දැන් ලොවෙන් සඟවා අවසානය.  ඔවුන්ගේ ශිෂ්ඨත්වය කොතෙක්දයත් අවම වශයෙන් ඇගේ සිරුර ඇගේ මවුපියන් වෙත ලබාදීමටවත් කටයුතු නොකරන ලදී.  කුමන ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන්කර සිටියද ඇය ඝාතනය කිරීම පෙර අවම වශයෙන් ඇගේ වෛද්‍යවරයා වන කිෆයා මහත්මියවත් දැනුවත් කර නොමැති අතර භුමදානය කිරීමට පෙර මරණ පරීක්ෂණයවත් පවත්වා නොමැත.

ගොඩවායේන් හමුවූ සියවස් 22 ක් පැරණි නෞකාව.

Image
ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.

2036 වසරේ ලෝක විනාශය විමේ අවදානමක් .

Image
මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක්  9 වැනිදා පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට සාධක.

Image
පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.

දීප්තිමත්ම වල්ගාතරුව 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී

Image
21 වැනි සියවසේ දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී  අහසේ පායනු ඇතැයි රුසියාවේ තාරකා විද්‍යාඥයෝ පවසති.  අයිසොන් නමින් හඳුන්වා ඇති මේ වල්ගාතරුව දිවා කාලයේදී ද පෙනෙන බව ඔවුහු කියති. සෞරග්‍රහ මණ්ඩලය ඇතුලතින් ගමන් ගන්නා අයිසොන් වල්ගාතරුව සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුවී එහි ඇදී ගොස් විනාශ වනු ඇතැයි ද තාරකා විද්‍යාඥයෝ පවසති.

අළුතින් චක්‍රාවාටයක් සොයාගත් එන්.ජී.සී.6872 චක්‍රාවාටය.

Image
සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.

ත්‍රිරිකුණාමලය රෝහල් සේවකයෝ ජලටැංකියට නැගලා.

Image
ත්‍රි රිකුණාමලය රෝහල් සුළු සේවකයෝ පිරිසක් අද ජලටැංකියට නැග පැය 6ක් තිස්සේ විරෝධතාවක යෙදී සිටිති. මෙතෙක් කල්දුන් ඒප්‍රණය සෞක්‍ය සේවා කාර්යාලය ඉවත් කිරීමට යතියි ඔවුහු චෝදනා කරති. ජලටැංකියට නැග සිටි පිරිසට  සහයෝගය පා රෝහලේ සෙසු සේවකයෝ ද රාජකාරියෙන් ඉවත්ව ජලටැංකිය අසල රැඳී සිටිති

දෙමළ මන්ත්‍රී ලේකම් දැළේ

Image
දෙමළ ජාතික සංධාන පාර්ලමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැටි තොගයක් සමග කිලිනොච්චියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි.

අංගම්පොර සටන් පුහුණුව ගුවන් හමුදාවට

Image
ගුවන් හමුදා  විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන්   පුහුණුව   ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.

දෝෂාභියෝග සම්මත වීම පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා කළ ප්‍රකාශය.

Image
සරත් පෙරේරා අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් මෙතෙක් තිබුණ අවුල්කාරී තත්ත්වය අහෝසි වනු ඇති බවත් රජය මින් ඉදිරි යට ගන්නා ක්‍රියාමාර්ග වලින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන බවට ඔප්පු කළ යුතුව තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා මේ ප්‍රකාශය කළේ ය.

මස්‌ මාංශ නොකා මා දින ගණනක්‌ කැපවුණා

Image
දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය චිත්‍රපටයට නගන්න සිතුවේ ඇයි? මම බෞද්ධයෙක්‌. මහනුවර කන්ද උඩරට දළදා මාළිගාවේ වැජඹෙන ගෞතම බුදුන් වහන්සේගේ යටි වාම දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ අප රට තුළ ඇතිවූ පුනර්ජීවනය පිළිබඳ රිදී තිරය ඔස්‌සේ කියා පාන්න මා ගත් උත්සාහය මෙරට විතරක්‌ නොවේ ලොව ජීවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙක්‌ම පැසසුමට ලක්‌කළා. මහින්දාගමනය නැරඹූ ඇතැමුන් මට පිං දෙන්න පටන් ගත්තා.

පාසල් නොගොස්‌ පෙම් සුව විඳිමින් සිටි යුවළ අත්අඩංගුවට.

Image
කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී  (8 වෙ නි දා) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වර්ණවත් වැසි ගැන සොයන්න නාසා විද්‍යාඥයෙ

Image
ශ්‍රී ලංකාවට ඇදහැලුණු රතු, කහ වැසි හා ආකාශ වස්තු කොටස් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බී. ෆූවර් මහතා කැමැත්ත පළ කර ඇත.

උඩුවර ප්‍රදේශයේ දෙදරු මවකට අතව.

Image
මුහුණ ආවරණය කරගෙන පිහියක් රැගෙන හාලිඇළ උඩුවර නිවෙසකට රාත්‍රි ඇතුළු වූ පුද්ගලයකු නිවෙසේ සිටි කාන්තාව බිය ගන්වා ඇයට ලිංගික අතවර කර පලාගොස් ඇත.

ලාංකික පෙම්වතිය වෙනුවෙන් ඉන්දීය හමුදාව සමග යුද්ධ කළ මේජර්වරයා

Image
මේජර් විකාශ් කුමාර් සහ  රන්මලී ගුණරත්න කර්නාටක අගවිනිසුරු  වික්‍රමජිත් සෙන්              ඉන්දීය හමුදාවේ සංඥා බළකායේ මේජර්වරයකු වන විකාශ් කුමාර් සහ ශ්‍රී ලාංකීක ශිෂ්‍යාවක්‌ වූ රන්මලී ගුණරත්න අතර විවාහය ලබන මස දී සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය විසින් පසුගියදා හෙළි කර ඇත. මෙම ශ්‍රී ලාංකික තරුණිය විවාහ කර ගැනීමට මේජර් වරයා කළ උත්සාහය ව්‍යාර්ථ කිරීමට ඉන්දීය හමුදාව දැඩි ලෙස උත්සාහ කළ බව වාර්ථා වීය. 

ශිෂ්‍යත්ව සමතුන්ට හිමි පාසල් පිළිබඳ තොරතුරු අද වෙබ් අඩවියට.

Image
ශිෂ්‍යත්ව විභාගයේ අවම කඩඉම් ලකුණු අනුව සිසුන්ට හිමි වන පාසල් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gou.lk යන වෙබ් අඩවියට අද (09 වැනිදා) ඇතුළත් කරන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

ගින්නලිය විදුහල ළඟ කඳුළු ගඟක්‌...........

Image
ඌරුබොක්‌ක පොලිස්‌ වසමේ, ගින්නලිය, විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථයකට යටවීමෙන් මියගිය එම විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුසර විශ්මික (06) දරුවාගේ දේහය අසල හඬා වැළපුණ පියා සහ ආච්චි අම්මා ඡායාරූපයේ දැක්‌වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බස් රථ වර්ජනයක්

Image
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කර සිටියි.

ගම්වාසීන්ගේ අතටම හසුවූ ස්ත්‍රී දූෂණයකයා

Image
ඉන්දියාවේ පාලක පක්ෂය වූ කොංග්‍රස් පාක්ෂයේ සභිකයෙකු පසුගියදා අසෑම් ප්‍රාන්තයේදී ගෙදරකට පැන ස්ත්‍රී දූෂණයක් කර තිබුණා.