ශිෂ්‍යත්ව සමතුන්ට හිමි පාසල් පිළිබඳ තොරතුරු අද වෙබ් අඩවියට.
එම තොරතුරු ඇතුළත් නාමලේඛන මේ වන විට අදාළ පාසල්වලට තැපැල් කර තිබේ.
මෙම මස අවසානය වන විට පාසල්වලට මෙම සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. පාසලක් නොලැබීම හෝ ලැබී ඇති පාසල සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්‌වා කාලය ඇතුළත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද එම නිලධාරියා සඳහන් කළේය.