Posts

Showing posts from February, 2015

පිටසක්වල වස්තුවක් සොයාගනී

Image
කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි. නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි. පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි. ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත.

Frontline මුදා හරින්නයි අගමැති කියයි

Image
රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

ශ‍්‍රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි.

Image
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

ආගමික අයිතීන් සුරකින බවට ඉන්දීය අගමැතිගෙන් ප‍්‍රකාශයක්.

Image
ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

රෝගියෙකුගේ ඡායාරූපයක් රෝගියාටම පෙන්වා ටිකට් විකුණූ 3ක් අත්අඩංගුවට

Image
හෘදයාබාධ රෝගී තත්ත්වයක සිට මීට වසර 8 කට පෙර සුවවූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර ටිකට්පත් මුද්‍රණය කර වංචනික ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් තුන්දෙනෙකු දඹුල්ල පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයන් මෙම ටිකට් පතෙහි මුද්‍රිත ඡායාරූපයේ සිටින පුද්ගලයාටම බස් රථයක් තුළදී ටිකට්පත විකිණීමට ගිය අවස්ථාවේදියි.

අගමැති අපේක්ෂක මහින්ද බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩල කියයි.

Image
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති  අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට ඊයේ (17)  ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී

Image
සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා.