නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී

සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා.
මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත්තේ සබරගමුව සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි එස්.එස්. අමාලි චතුරිකා ශිෂ්‍යාවයි. ඇයගේ පදිංචිය හෝමාගම වන අතර ඇය සිය නිවසේදී මෙලෙස සාරියකින් ගෙළ වැළලාගෙන ඇත්තේ ඊයේ (17) දිනයේයි. නවක වද සිද්ධියක් මෙම සිය දිවි හානි කර ගැනීමට හේතු වී ඇති බව හෝමාගම පොලීසියේ ප‍්‍රකාශකයෙකු සදහන් කළා. ඇය මිය යන්නට පෙර ලිපියක් ද ලියා ඇති අතර එහි සදහන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ කිසිවෙකුට සිය මළ සිරුර නොපෙන්වන ලෙසයි.