Posts

Showing posts from October, 2013

යෝෂිත ආබාධයට ලක්වීම හේතුවෙන් නායකත්වය නාමල් ට

Image
එළඹෙන තුන්කොන් අන්තර්ජාතික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වයට හිටපු ගල්කිස්ස ශාන්ත තෝමස් පි‍ලේ නායක හා වත්මන් නාවික හමුදා ක්‍රීඩා සමාජයීය ක්‍රීඩක නාමල් රාජපක්ෂ පත්කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සම්මේලන මගින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ලංකාවේ නිෂ්පාදනය කරන ලද බැටරියෙන් ක්‍රියාකරවිය හැකි ගිනි අවියක්

Image
ලංකාවේ නිෂ්පාදනය කරන ලද බෝර 6 ගල්කටස් ගිනි අවියක් හංවැල්ල දිද්දෙණියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි අවියේ විශේෂත්වය වන්නේ එය බැටරියෙන් ක්‍රියාකරවිය හැකි වීමය. මිරිහාන පොලිසිය විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ. මනෝජ් කුරේ-මොරටුව

මෙහෙණින් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ පුච්චලා

Image
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ආරාමයක සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙහෙණින් වහන්සේ නමක් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ ගිනි පෙනෙල්ලකින් පුච්චා තිබේ. ඉකුත් (30) දා, පෙරවරු 10.30 ට පමණ දොළොස් හැවිරිදි දැරිය ආරාමයේ කුස්සිය අතුගෑවේ නැතැයි පවසමින් මෙහෙණින් වහන්සේ ඇයට බැන වැදී ඇතැයි පැවසේ. අනතුරුව දෙදෙනා අතරේ බහින්බස් වීමක් සිදු වී ඇතැයි කියති. එම අවස්ථාවේ ලිපේ තිබූ ගිනිපෙනෙල්ලක් ගෙන දැරියගේ මුහුණේ කිහිප තැනක්ම පුච්චා ඇත.