පොලීසියෙන් වන අසාධාරණ කියන්න පොලීසියෙන් අංකයක්

යම් පුද්ගලයෙකුට වූ අසාධාරණයක් ගැන සිය පොලිස් බලප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී අසාධාරණයක් වූවේ යැයි වැටහේ නම් එම පැමිණිල්ල කීමට අංකයක් ඇති බව පොලීසිය පවසනවා.

0112 444 480 යන අංකයයට එම පැමිණිලි පොලිස්පති උපකාරක මැදිරියට පවසා විසඳුමක් ලබා ගත හැකි බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 



ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අදාළ පොලිස් බලප්‍රදේශයේ පොලීසියට ඉදිරිපත් කරන පැමිණිල්ලක් නොසලකා හැරි බව වැටහේ නම් ඒ ගැන මෙම දුරකථන අංකයට කතා කර දැනුම්දිය හැකිය. එම අංකයට පැමිණිල්ලක් ලැබුණු පසු අදාළ පොලිස් බලප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එය දන්වනු ලැබේ.

ඔහු ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන පැහැදීමක් නැති නම් ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට පොලිස්පති උපකාරක සේවයෙන් දන්වනු ලැබේ.

ඉහත ක්‍රම දෙකේදීම ඉහළ පොලිස් නිලධාරීන් විසින් අසාධාරණයට ලක්වු පුද්ගලයාට පෞද්ගලිකවම දුරකතනයෙන් අමතා ගැටලුව විමසන අතර එකී සියලු උත්සහයන් අසාර්ථක නම් එම පුද්ගලයාට පොලිස් මූලස්ථානයේ සිකුරාදාට ක්‍රියාත්මක සහන මැදිරියට පැමිණ ගැටලුව ඉදිරිපත් කර විසඳුමක් ලබා ගත හැකි බවද පොලීසිය පවසයි.

මෙම උපකාරක සේවය උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වන අතර 0112 444 481, 0112 444 482, 0112 444 483 යන දුරකතන අංකවලට ද එකී ගැටලු ඉදිරිපත් කළ හැකිය.

කෙසේ වුවද මර්වින් සිල්වා වැති තුට්ටු දෙකේ දේශපාලඥයන්ට බුලත්දී වැඳ නව වසර ඇරඹූවාවූද, වරෙන්තුවක් තිබියදී සුදර්මන් රදලියගොඩ වැනි හොර තක්කඩියන් දුටුවද නොදුටුවා සේ සිටින්නාවූද යහ පාලනයක් නැති රටක සිටිනා පොලීසියකින් මහජනතාවට අසාධාරණයන් වන බව පොලිස් මූලස්ථානද දැන සිටීම සතුටකි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්