මුස්ලිම් නොවන ළමුන් වෙනුවෙන් පවත්වන සමස්ථ ලංකා රචනා තරංගාවලිය

එම රචනාවේ මාතෘකාව වූයේ "මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහම්මද් නබි තුමානෝ" යන්නයි.
මෙම තරඟාවලියේ විශේෂත්වය නම් එය සඳහා ලිපි ඉදිරිපත් කල හැකිවන්නේ මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට පමණි.
මෙහි ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 20 000 ක මුදලක් හිමිවන අතර දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 15 000 සහ 10 000 හිමිවන බව එහි දැක්විණි.
මෙය ඉස්ලාම් ආගමට මුස්ලිම් නොවන ළමයින් හරවා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස කි‍්‍රයාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගියදා පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියා.
කෙසේ වෙතත් ලිපි බාරදියහැකි අවසාන දිනය වූයේ 2013.01.30 (පෙරේදා) විය.
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් පළකල එම දැන්වීම පහතින්

අනතුරුව "හෙළ බොදු සවිය" නම් සංවිධානය මඟින් එම රචනා තරඟයට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපයේම පුවත්පත් දැන්වීම් පළ කර තිබුණා. එම දැන්වීම පහතින්
