දෝෂාභියෝග සම්මත වීම පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා කළ ප්‍රකාශය.
අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා මේ ප්‍රකාශය කළේ ය.
නව පත්වීමක් අගවිනිසුරු ධූරය සම්බන්ධයෙන් කිරීමේදී පිටස්තර පුද්ගලයන් පත් නොකර පැවැති සම්ප්‍රදාය අනුව යමින් ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් ඇති පුද්ගලයකු එම තනතුරට පත් කිරීමෙන් දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින කුමන්ත්‍රණකාරීන්ට ඉඩක් නොලැබෙනු ඇතැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය. මේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මෙතෙක් ලොකු කැලඹීමක් තිබූ බවත් මෙයින් මතු විය හැකි යයි සිතෙන අයහපත් ප්‍රතිවිපාකවලට ඉඩ නොතබා රටටත් ජනතාවටත් යහපතක් ලැබෙන ආකාරයට ක්‍රියා කළ යුතුව ඇතැයි ද සරත් සිල්වා මහතා පෙන්වා දුන්නේ ය.
මෙතෙක් ආණ්ඩුව එක පසෙකත් විනිසුරුවරුන් හා නීතිඥයන් එක පසෙකත් සිටි බව සඳහන් කළ සිල්වා මහතා මේ ගැටුම මෙතැනින් එහාට යා යුතු නැතැයි කීය.
රජය පැත්තෙන් ඉදිරිපත් කළ චෝදනා මෙන් ම රජයේ ස්ථාවරය ද ඔප්පු වී අවසාන යයි ද කීය.
රජය මෙය ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නොවන බව ඉහළ විනිසුරුවරයකුගේ විෂම පැවැත්මක් සම්බන්ධයෙන් ගන්නා ලද ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් ලෙස පමණක් මෙය සැලකිය යුතු යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.
ස්වාධීන අධිකරණයක් හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමෙන් රජයත් ආණ්ඩුවත් ශක්තිමත් වන බව පැවැසූ හිටපු අගවිනිසුරුවරයා ජනතාවටත් එය ශක්තියක් වනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේ ය.