විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා විරෝධතාවක්
.jpg)
ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.
වාහන ගමනාගමනයට බාධා කරමින් පාර හරහා වාඩිවී විරෝධතාවේ නිරත පිරිස, විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා සිටියහ.
පසුව විරෝධතාකරවෝ ඇඹිලිපිටිය දෙසට පෙළපාලියෙන් ගමන් ඇරඹුහ. කුට්ටිගල පාලම අසලදි මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර අසංක ගුණතිලක මහතා එතැනට පැමිණ ලබන අගහරුවාදා (04) වනවිට මේ සම්බනධයෙන් විසදුමක් ලබාදීමට පොරොන්දුවු බව විරෝධතාවට එක්ව සිටි ගොඩවායේ සාගර හිමියෝ පැවසුහ.
එම පොරොන්දුව සැලකිල්ලට ගෙන විරෝධතාව නැවැත්වූ බවද උන් වහන්සේ කීහ.