ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බස් රථ වර්ජනයක්
මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටියේ දීර්ඝ කාලයක සිට දුර බස් සේවාවන් සඳහා පෞද්ගලික බස්රථ හා ලංගම බස් රථ ඒකාබද්ධ කාල සටහනකට ක්‍රියාත්මක කෙරුණු නමුත් මෑතක සිට එම කාල සටහනට පටහැනිව ලංගම බස් රථ එකම කාල සටහන් වෙලාවකට අනුයුක්ත කිරීම පිළිබඳව විරෝධය පාම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා හෙට (9 දා) උදෑසන 10ට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීර මහතාත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති හා ලේකම්වරුන් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී මෙයට නිසි විසඳුමක් නොලැබුණහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ සිට නැගෙනහිර පලාතට දිවෙන දුරසේවා හා එම පළාත ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික බස් රථ වර්ජනය කිරීමට සූදානම් බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේය.