නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි දෙපත් නයා.


නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.
ඔවුන් අල්ලාගෙන ඇත්තේ කිසිම විසක් නැති ඉතාම අහිංසක උරගයකු බව කිසිවෙක් නොදත්හ.

ශ්‍රී ලංකාවට ආවේණික දෙපත් නයා සිලින්ඩ්‍රොපිඩේ මැකිලාටස් ලෙස සත්ත්ව විද්යාතත්මකව නම් කැර ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් සිලෝනිස් සිලින්ඩර් ස්නේක් ලෙස හැඳින්වේ.
තෙත් කලාපයේ දිරායන පස් සහ කොළ රොඩු අතර ජීවත් වන මෙම සර්ප විශේෂය අඩියක් පමණ දික්ව වැඩෙන අලංකාර සත්ත්වයෙකි. සතුරකු දුටු විට තම හිස සඳවාගෙන වලිගයේ කළෙවර හිස මෙන් ඔසවා ගනියි.
මේ නිසාම දෙපැත්තේම හිසක් ඇති ආකාරයේ පෙනුමක් මෙම සර්පයාට ඇති බැවින් දෙපත් නයා යන නාමය ව්යයවහාරයට පැමිණ ඇත. ගැඩවිලුන් හා පාංශු ජීවීන් ආහාරයට ගන්නා දෙපත් නයා විෂ රහිත ඉතාමත් අහිංසක සර්පයෙකි. කෘමි නාශක භාවිතය හේතුවෙන් මෙම සතුන් විශාල ලෙස වඳවෙමින් යයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)