ලාංකික පෙම්වතිය වෙනුවෙන් ඉන්දීය හමුදාව සමග යුද්ධ කළ මේජර්වරයා


මේජර් විකාශ් කුමාර් සහ
 රන්මලී ගුණරත්න
කර්නාටක අගවිනිසුරු
 වික්‍රමජිත් සෙන්
            

ඉන්දීය හමුදාවේ සංඥා බළකායේ මේජර්වරයකු වන විකාශ් කුමාර් සහ ශ්‍රී ලාංකීක ශිෂ්‍යාවක්‌ වූ රන්මලී ගුණරත්න අතර විවාහය ලබන මස දී සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය විසින් පසුගියදා හෙළි කර ඇත. මෙම ශ්‍රී ලාංකික තරුණිය විවාහ කර ගැනීමට මේජර් වරයා කළ උත්සාහය ව්‍යාර්ථ කිරීමට ඉන්දීය හමුදාව දැඩි ලෙස උත්සාහ කළ බව වාර්ථා වීය. 

මෙයට හේතු වූයේ ඉන්දියානුවකු වූ විකාශ් කුමාර් විදේශීය තරුණියක්‌ සමග විවාහ වීම ඉන්දීය හමුදාව විසින් පිළි නොගැනීමයි. ඉන්දීය හමුදාවේ මේ විරෝධය නිසා ඔවුන්ගේ විවාහය 2011 දෙසැම්බර් මස 2012 මාර්තු මස ද සිදු කිරීමට සැළසුම් වුවත් පසුව එය කල් දමනු ලැබීය. මේ පසුබිම මත විකාශ් කුමාර් විසින් ඉන්දීය හමුදාවට එරෙහිව අධිකරණය වෙත යැමෙන් පසු ඒ සඳහා අනුමැතිය ලැබී ඇත. කර්නාටක මහාධිකරණය ඉන්දීය හමුදාවේ තර්කය ප්‍රතික්‍ෂේප කරමින් පැවසූවේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු මියන්මාර් කාන්තාවක්‌ විවාහ කර ගැනීමට හැකි නම් මේජර්වරයාට ද එකී හිමිකම තිබෙන බවයි. ඉන්දීය හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කල්ලියන් භාෂ්වරරාඡ් පැවසූවේ මේජර්වරයාව පුහුණු කිරීමට වැය වූ සියළුම වියදම් ගෙවීමට ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා ඔහුට හමුදාවෙන් ඉවත් වීමට අවසර දෙන බවයි.

රුපියල් දහසය ලක්‍ෂයක මුදලක්‌ ඉන්දීය හමුදාවට ගෙවිය යුතු යෑයි නීතිවේදීයා පවසා ඇත. මේ අතර මේජර්වරයාගේ පෙම්වතිය වන රන්මලී ගුණරත්න ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් පැවසූවේ දොලොස්‌ වසරක්‌ සේවය කළ ඉන්දීය හමුදා නිලධාරියකුට පවා රුපියල් දහසය ලක්‍ෂයක මුදලක්‌ ඉතිරි කිරීමට නොහැකි බවයි. එවැනි මුදලක්‌ ගෙවීමට නොහැකි බවද රන්මලී ගුණරත්න තවදුරටත් පවසා තිබේ. මෙලෙස ඉන්දීය අධිකරණය විසින් මේජර්වරයා සම්බන්ධව තීරණයක්‌ දීමට පෙර නියෝගයක්‌ නිකුත් කෙරුණේ මේජර්වරයා විදේශීය කාන්තාවක්‌ සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන හමුදාව විසින් පරීක්‍ෂණයක්‌ කළ යුතු බවයි.

එහෙත් අධිකරණය පැවසූවේ ඉන්දීය හමුදාවේ අණදෙණ නිලධාරියා මෙන්ම හිටපු ජනාධිපති කේ. අර්. නාරායන් මියන්මාර් කාන්තාවක්‌ සමග විවාහ වීම නිසා විදේශීය කාන්තාවක්‌ සමග ඉන්දියානුවෙකුට විවාහ වීම තහනම් යෑයි නීතියක්‌ නැති බවයි.

මේජර් විකාශ් කුමාර් සම්බන්ධයෙන් පහළ අධිකරණයක්‌ විසින් ලබා දී තිබූ තීන්දුව වූයේ ඉන්දීය හමුදාව මේජර්වරයාට සිය පෙම්වතිය සමග විවාහ වීමට ඉඩදිය යුතු බවයි. මේ තීන්දුවට එරෙහිව ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලිත පෙත්සම් දෙකක්‌ ගොනු කරනු ලැබීය. එසේ වූවත් කර්නාටක මහධිකරණයේ අගවිනිසුරු වික්‍රමජිත් සෙන් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පෙත්සම් දෙක ප්‍රතික්‍ෂේප කරමින් රුපියල් හැත්තෑපන්දහසක මුදලක්‌ විකාශ් කුමාර්ට නඩු ගාස්‌තු වශයෙන් ගෙවන්නැයි නියෝග කළේය.

ඉන්දීය හමුදාවේ නීති රීතිවල දැක්‌වෙන්නේ තම විදේශීය පුරවැසි භාවයෙන් ඉවත් නොවන්නන්ට ඉන්දීය හමුදා නිලධාරීන් සමග විවාහ වීමට නොහැකි බවයි. එසේ වූවත් රන්මලී ගුණරත්න සිය ශ්‍රී ලංකා පුරවැසි භාවය අත්හැරීමට කැමැත්තක්‌ දක්‌වා නැත. ඉන්දීය මාධ්‍ය පවසන්නේ පෞද්ගලික හේතූන් මත ඇය ශ්‍රී ලංකා පුරවැසි භාවය රැදී සිටින බව පවසන බවයි. මේ පසුබිම මැද මෙරට ඇතැම් වෙබ් පාර්ශවයන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිනි ඇවිලවීම උදෙසා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ඉන්දීය මේජර්වරයකු සමග විවාහ කර වීමට සැළසුම් කර ලද බවට සාවද්‍ය ප්‍රචාර දියත් කරනු ලැබීය. මෙම එක්‌ වෙබ් අඩවියකින් කියා සිටියේ මේජර්වරයාගේ පෙම්වතියගේ අරමුණු සම්බන්ධයෙන් සැක පහල වීම නිසා ඉන්දීය ආරක්‍ෂක බලදාරීන් ඒ ගැන නිරීක්‍ෂණය කරන බවයි. බැංගලෝරයේ පදිංචි මේජර් විකාශ් කුමාර් ඉන්දීය හමුදාවට බැදී ඇත්තේ 2000 වසරේදීය.

ඔහු හමුදාවේ සේවය කළ යුතු පරිවාස කාලය සම්පූර්ණ කර නැතැයි ඉන්දීය බලධාරීහු කියා සිටියි. මේ තත්ත්වය මැද හමුදා බළධාරීන් ඔහු වෙත පවසා ඇත්තේ පුහුණු වීමට වැය වූ මුදල් ගෙවන්නේ නම් ඔහුව හමුදාවෙන් මුදා හරින බවයි. මේ අතර ඔහුගේ පෙම්වතිය රන්මලී ගුණරත්න ඉන්දීය මාධ්‍යවලට පවසා ඇත්තේ තමාගේ පියා කොළඹ ව්‍යාපාරිකයකු වන බවත් සිය මව්පියන් නිරතුරුවම තමා අමතන අතර ඔවුන් තත්ත්වය තේරුම් ගනු ඇතැයි උපේක්‍ෂා කළ නොහැකි බවයි. තමා දිගු කළක්‌ ඉන්දියාවේ සිටි බවද ඇය කියා සිටියාය.

මෙවන් පසුබිමක්‌ යටතේ දැන් මේජර් විකාශ් කුමාර් හමුවේ මතු වී ඇති බරපතල ප්‍රශ්නය නම් ඉන්දීය හමුදාවට රුපියල් දහසය ලක්‍ෂයක මුදල ගෙවන්නේ කෙසේ ද යන්නයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය හමුදාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති මේජර්වරයා නඩු යාමෙන් සිදු වන්නේ කාලය නිෂ්ඵල ලෙස අපතේ යැමක්‌ බවද කියා සිටියේය. මේ අතර ඉන්දීය හමුදාව පැවසූවේ මේජර්වරයා විවාහ සහතිකය යොමු කරන්නේ නම් සහ ඉතා ඉක්‌මනින් හමුදාවට දිය යුතු මුදල ගෙවන්නේ නම් ඔහුව හමුදාවෙන් මුදා හරින බවයි.

මේජර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආධිත්‍ය සොන්ධි පැවසූවේ හමුදාව නියම කළ මුදල වැඩි බවයි. මේ මුදල සාධාරණ විය යුතු යෑයි හෙතෙම අධිකරණය හමුවේ කියා සිටියාය. මේ නඩුව සම්බන්ධයෙන් කර්නාටක ප්‍රාන්ත රජයේ නීතිවේදී ආනියන් ජෝෂප්ද මැදිහත් විය. එම නීතිවේදියා පැවසූවේ මේජර්වරයාගේ පෙම්වතිය තම ශ්‍රී ලංකා පුරවැසි භාවය අත්හැරීමට සූදානම් බවට වාර්තාවක්‌ දී නැති බවයි. කෙසේ වූවත් මේ තර්ක කර්නාටක මහාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙවන් පසුබිමක්‌ මැද මේජර්වරයා සහ ඔහුගේ පෙම්වතිය වූ අර්නිලා රන්මලී ගුණරත්න දැන් මුහුණ පා ඇති බරපතල ප්‍රශ්නය නම් රුපියල් දහසය ලක්‍ෂයක මුදල ගෙවන්නේ කෙසේ ද යන්නයි. මෙවන් මුදලක්‌ ගෙවීමට තමන්ට කිසිසේත් හැකියාවක්‌ නැතැයි දෙදෙනාම ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම ඉන්දීය මේජර්වරයා විසින් ශ්‍රී ලාංකික තරුණියව විවාහ කර ගැනීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බැංගලෝරයේ ටි්‍රබියුන් පුවත් පත පැවසූවේ මහධිකරණය විසින් හමුදා මේජර්වරයාට සිංහල පෙම්වතිය විවාහ කර ගැනීමට තිබූ බාධාව අහෝසි කර ඇති බවයි.

මෙම විවාහය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාව විරෝධය දැක්‌වීම ගැන අගවිනිසුරු වික්‍රමජිත් සෙන් පැවසූවේ ඉන්දියාවේ පංචායට්‌ නැමැති ගම්සභාවක්‌ මෙන් කටයුතු නොකළ යුතු බවත් මේ නඩුව යොමු කර ඇත්තේ ඉන්දීය හමුදාව වෙතින් සාධාරණයක්‌ ඉල්ලීමක්‌ ලෙසින් යෑයි කියා සිටියේය. ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය කිසිදු පසුබිමක්‌ නොමැතිව මේ නඩුව සම්බන්ධයෙන් විරෝධතා දක්‌වා ඇති බව පැවසූ අගවිනිසුරුවරයා රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදේශීය කාන්තාවක්‌ තර්ජනයක්‌ වී ඇති බවට නිසි තොරතුරු නැතැයි ද පල කළේය.

2011 සැප්තැම්බර් මාසයේ සිට මේජර් විකාශ් කුමාර් ඉන්දීය හමුදාව සමග කළ යුද්ධය දැන් නිමා වී ඇතත් මීලගට ඔහු මුහුණ පා ඇත්තේ ලබන මස විවාහය සිදු කිරීමට පෙර රුපියල් දහසය ලක්‍ෂය මුදල ගෙවන්නේ කෙසේ ද යන්නයි. මේ මුදල නොගෙව්වොත් ඔහුට ඉන්දීය හමුදා සේවයෙන් ඉවත් වීමට හිමිකම නොලැබේ.

කීර්ති වර්ණකුලසූරිය

Wmqgd.ekSu - www.divaina.com

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්