පාසල් නොගොස්‌ පෙම් සුව විඳිමින් සිටි යුවළ අත්අඩංගුවට.

කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී  (8වෙනිදා) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


හදිසි ඇමතුම් අංශයට 119 ට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව කළුතර දකුණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතාගේ උපදෙස්‌ පිට කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි, සැරයන්වරුන් වන (27186) ආනන්ද හා (26160) ලියනගේ යන නිලධාරීන් නිවස වටලා මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් කාමරයේ පසෙක තිබූ අතර පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවද පොලිසිය පවසයි.

මෙම දෙදෙනාම පෙරේදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ අතර පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.

වසර 1 1/2 ක පෙම් සබඳතාවයක්‌ මෙම දෙදෙනා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

මෙම පාසල් ශිෂ්‍යාව පිළිබඳව ඇයගේ දෙමාපියන්ට දන්වා සිටියත් ඔවුන් සිය දියණිය බැලීමට ඊයේ (9 දා) පෙරවරුව දක්‌වා නොපැමිණි බවද පොලිසිය පවසයි. දැනට පොලිස්‌ අත්අඩංගුවේ පසුවන 15 හැවිරිදි සිසුවා ඊයේ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර කොට්‌ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලලිත් ගජනායක මහතාගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති මල්කා තුෂාරි මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්