අළුතින් චක්‍රාවාටයක් සොයාගත් එන්.ජී.සී.6872 චක්‍රාවාටය.
නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙතෙක් සොයාගත් විශාලතම චක්‍රාවාටය මෙය බවයි. පාවෝ නම් තාරුකා රාශියට ආලෝක වර්ෂ කෝටි 21.2 ක් ඈතින් පිහිටා ඇති මෙය හැකිළුණු සර්පිලාකාර ස්වභාවයක් ගනී.එහි සර්පිලාකාර බාහු දෙක අතර දුර ආලෝක වර්ෂ 522,000 කි. අප ජීවත්වන ක්ෂීරපථයේ විශාලත්වය ආලෝක වර්ෂ 100,000 කි. නාසා ආයනය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කැර තිබේ. මෙම චක්‍රාවාටයේ තාරුකා මණ්ඩල කෝටි ගණනක් තිබිය හැකි බවත් ඒවා අතර ජීවීන්ට සුදුසු ග්‍රහලෝක ලක්ෂ ගණනක් තිබිය හැකි බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.