අමාවකට බැසගිය සඳ රිසානා


හොරුන් ත්‍රස්තවාදින් මිනිසුන් මාර සඟවනාසේ සවුදී රජයද, දීරිය දියණියක් වූ රිසානා අමානුෂික ලෙස ඝාතනය කොට දැන් ලොවෙන් සඟවා අවසානය. 

ඔවුන්ගේ ශිෂ්ඨත්වය කොතෙක්දයත් අවම වශයෙන් ඇගේ සිරුර ඇගේ මවුපියන් වෙත ලබාදීමටවත් කටයුතු නොකරන ලදී.

 කුමන ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන්කර සිටියද ඇය ඝාතනය කිරීම පෙර අවම වශයෙන් ඇගේ වෛද්‍යවරයා වන කිෆයා මහත්මියවත් දැනුවත් කර නොමැති අතර භුමදානය කිරීමට පෙර මරණ පරීක්ෂණයවත් පවත්වා නොමැත.


එහෙත් මේවා සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ උපදේශන කමිටු නැත. සම්බාධකද නැත. මක්නිසාදයත් සවුදි රජු යනු හුදෙක් ඇමරිකාව කුඩු කොට ඇතිකරණ වෘකයකු වන බැවිනි. 

මෙම ගැටලුව හමුවේ විෂය භාර අමාත්‍ය ඩිලාන් පෙරේරා ගලේ පැහැරු බලලෙකු සේ සිටීයි. බොහෝ විට ඔහු මේ දිනවල සිව්වන විවාහය සදහා බිරිඳක් සොයමින් හෝ වොලිබෝල් තරඟයක් අසල හුරේ දමමින් තම රාජකාරියෙහි නියුතුවනවා විය යුතුය.ඔහු රිසානා බේරාගැනීමට කෙතරම් උත්සාහ ගත්තේද යන්න පහත සිදුවීමෙන් මානව පැහැදිලිවේ.

ජනවාරි නමවන දින පෙරවරු 11.40ට පමණ රිසානා නෆීක්ගේ ගෙල සිඳ මරා දමා තිබේ. එහෙත් පස්වරු 1.15ට පමණ මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ රිසානා නෆීක්ගේ ජීවිතය බේරාගැනීමට තවදුරටත් උත්සාහ දරන බවයි.ඒ වනවිටත් රිසානා ඝාතනය කර ඇතිබව නොදත් ඩිලාන් පෙරේරා මරණය පිළිබඳ දැනුවත් වූයේ සුනිල් හඳුන්නෙත්ති මහතා එවිට සිදුකළ ප‍්‍රකාශයත් සමගය. 

කෙසේ වෙතත් රිසානා ගේ මරණය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්ව ආගමික උන්මාදයෙන් පෙලෙන අගමැති දි.මු. ජයරත්න, මුස්ලිම් ජාතිකයන් පරන්ගින් කෝට්ටේ ගෙනගිය ආකාරයෙන් ලංකා මාතාව ආරක්ෂා වූ බව පැහැදිලි කරදෙන ලදී.කායිකව සහ මානසිකව වඳ පිදුණ එවැනි පුද්ගලයෙකුගෙන් එවැනි විහිළු හැරුණු කොට වෙනත් හරවත් යමක් අපට අපේක්ෂාකල නොහැක.

ජාතියකට ඇති අවදානම 

 මේ අනුව පෙනී යන්නේ තවත් මෙවන් ඝාතන සියයක් සිදු වුවද ශෝක ප්‍රකාශ නිකුත් කිරීම හැරුනු කොට රජය කාරණා දෙයක් හෝ කළහැකි දෙයක් නොමැති බවයි. රජය කෙලෙස හැසුරුනද ගෙදර බුදුන් බඳු අම්මාවාරු තවදුරටත් මෙවන් ඉස්ලාමිය අන්තගාමින් අතින් දුෂණය වන්නට, ඝාතනය වන්නට ඉඩදෙන්නේද යන්න ජනතාව තීරණ කල යුතු කරුණකි.

වසරකට පන්සියක් පමණ ශ්‍රමිකයන්ගේ මළ සිරුරු ලංකාවට ලැබෙන අතර තවත් බොහොමයක් පිරිස් ඇන ගැසීම් ඇතුළු වධ බන්ධන වලට ලක්ව ආබාධිතවේ.අප කල සොයා බැලීමකදී හෙලිවුයේ මේ වනවිටත් තවත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු සවුදීයේ මරණට නියමව ඇති අතර කටාර් රාජ්‍යයේ ද තවත් එක පුද්ගලයකු මරණයට නියමව සිටියි. 

බහුතරයක් මුස්ලිම් ජනතාවගේ ඛේදනීය හැසිරීම

රිසානාගේ ගම වන මුතුර් ප්‍රදේශට අයත් පල්ලියේ ප්‍රධාන පුජකතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම තීන්දුව නිවැරදි බවත්, එය කිසිවෙකුට විමර්ශනය කල නොහැකි බවත්ය. මේ දිනවල දෝෂාභියෝගය දඩමීමා කොටගෙන රට අස්ථාවර කිරීමට කැසකන මුස්ලිම් අන්තවධින්ගේ ශ්‍රී ලාංකීය මාධ්‍ය ප්‍රකාශක අසාද් සාලිද මුනිවත් රකී. 

එම තීන්දුව නිවැරදි බව කී අයුරු.




තම පවුල් ජිවත් කිරීම සඳහා මිලේච්චයන් ඉදිරියේ ජිවිතයෙන් වන්දි ගෙවූ එම දිරිය දියණියට මරණින් මතුවත් නිසි ගෞරවය දැක්වීමට නොහැකි නම් අවම වශයෙන් මිනිමරුවෙකු ලෙස හැඳින් වීමෙන් වැලකීමට කටයුතු නොකිරීම පිලිබද අපි කණගාටු වන්නෙමු.

තවද කණ අත්සන තබා, අල්ලා දෙවියන් නාමයෙන් දිවුරා තමා එම බිළිදා ඝාතනය නොකළ බවට පවසමින් රිසානා පොලිසියට ලබාදුන් ලිපිය සහ ඇගේ පියා ඇයට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ලියු ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු . ඇයට මෙලෙස චෝදනා කරණ අයවලුන් හට මෙය ඇස් දෙකෙන් බලා හදවතින් කියවන ලෙස අපි ආරාධනාකර සිටිමු. 


               ඇගේ පියා ඇයට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ලියු ලිපිය



Wmqgd.ekSu www.gossip9.com

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්