ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම වැඩි වශයෙන් කතාබහට ලක්විය. ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන ලංකාව සම්බන්ධකර ගනිමින් විවිධ ආකාරයේ කතා සමාජය තුළ වැඩි වශයෙන් මාතෘකාවක් වශයෙන් කතා බහට ලක්වුණි. චීනය සම්බන්ධයෙන් කතා බහට ලක්වුයේ චීනයෙන් වැඩි වශයෙන් ආධාර හෝ ණය මුදල් රැගෙන ලංකාව චීන කොළණියක් බවට පත්වීමට යන උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ සිටින විවිධ වු පුද්ගලයින්ගේ විවේචනයට ලක්වීමයි.