අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්.

14 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් අද වරෙන්තු නිකුත් කළා. ඒ, ඇපමත මුදාහැර සිටින විත්තිකාර හිටපු සභාපතිවරයා නඩුවට අදාළව අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
2012 වසරේ මැයි මස 23 වැනිදාත් ජූලි මස 2 වැනිදාත් අතර කාලය තුළ අකුරැස්ස ප‍්‍රදේශයේ 14 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.  මේ අතර විත්තිකරුට ඇප ලබාදීමට අත්සන් කළ ඇපකරුවන්ටද අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරිය මෙහිදී නොතීසි නිකුත් කළා. එම නඩුව යළි මාර්තු මස 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)