අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු ජනපති මහින්ද ගැන බිඳක්.

මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 6.30 ට පමණ අවසන් ප්‍රතිපලට නිකුත්වීමටත් ප්‍රථම කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරයෙන් පිටව ගියා.
එහිදී වසර ගණනාවක් තමන් සමග සේවය කළ අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට රාජපක්ෂ මහතා අමතක නොකළ අතර  පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන්ට ස්තුතිය පුද කළා.

1945 නොවැම්බර් මස 18 වැනිදා හම්බන්තොට මැදමුලන ග්‍රාමයේදී පර්සි මහේන්ද්‍ර උපත ලබන්නේ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙසයි.
1970 වසරේ බෙලිඅත්ත ආසනය ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ලාබාලම මන්ත්‍රිවරයා ලෙසින්.
පළමුව කම්කරු හා ධීවර අමාත්‍යවරයා ලෙසත් ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ලෙසත් රාජපක්ෂ මහතා තම දේශපාලන දිවියේ සන්ධිස්ථානයන් සනිටුහන් කරනවා.
2004 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් වන ඔහු ජනාධිපතිධුරයට තරග වදින්නේ, 2005 වසරේදීයි.
එම ජනාධිපතිවරයෙන් ජයගන්නා රාජපක්ෂ මහතා ලංකාවේ පස්වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලබනවා.
එහිදී ජනාධිපතිවරයාට පැවරෙන අභියෝගය වන්නේ, වසර 30 ක් පුරා මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමයි.
සේනාධි නායකයා ලෙස මානුෂික මෙහෙයුමට නායකත්වය සපයන මහින්ද රාජපක්ෂ මහතා 2009 වසරේ මැයි මසදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උපුටා දැමීමට එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්වලට දේශපාලනිකව පිළිතුරු ලබාදෙමින්.
එම ජයග්‍රහණයෙන් පසු 2010 වසරේදී යළිත් ජනාධිපතිධුරයට පත්වන රාජපක්ෂ මහතාගේ අභියෝගය වන්නේ, යුද්ධයෙන් විනාශ වූ රට සංවර්ධනය කරමින් ජාතීන් අතර සහජීවනය ඇතිකරලීමයි.
ඒ අතරතුර ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් තෙවන වරටත් ජනාධිපතිධුරයට තරගවැදීමේ අවස්ථාව හිමිකරගනු ලබනවා.
ඒ අනුව 2015 ජනවාරි මස 8 වැනිදා එනම් පෙරේදා දිනයේදී ජනාධිපතිවරණයක් කැදවන රාජපක්ෂ මහතාට ඉන් ජයගැනීමට හැකිවන්නේ නැහැ.  



උපුටාගැනීම hiruniws.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්