අපි ලේකම් ගාවට ආවා.එතුමා සභාපතිවුනා ඔටෝ.-විජිත් විජයමුණි සොයිසා

සාම්ප්‍රදායික ගමනට විරුද්ද ගමනක් යන කට්ටියක් ඉන්නවා.
ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්.

රෙජිනෝල්ඩ් කුරේ
අපේ රටේ දේශපාලනයේ පෙර නොවූවිරු ගමනක්. ප්‍රශ්න කෝටියක් මතුවෙන්න පුළුවන්. සම්ප්‍රදායික අයට නොයෙකුත් සම්ප්‍රදායික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ සම්ප්‍රදායික ගමනට එරෙහි ගමනක් අපි යන්නේ.


සුසිල් ප්‍රේම්ජයන්ත්
මේ උත්සහ කරන්නේ කුමකටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සහ විනාශ කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අ යන්න ආ යන්නවත් නොදන්නා වෙනත් පක්ෂයක පිරිසක් තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩ බිඳදැමීමට කටයුතුකරන්නේ.

දුමින්ද දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලව තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් මැතිවරණයකට ඉල්ලලා ජයග්‍රහණය කරනවා නම් එතුමා තමයි පක්ෂයේ සභාපතිවරයා බවට පත්වෙන්නේ.

නිමල් සිරිපාල ද සිල්වා
සභාපති ධුරයට පත්වෙන්න නම් එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්නට ඕන. ජනාධිපති ධුරයට පත්වුනාට සභාපති ධුරයට පත්වීමට හිමිකමක් මේ ව්‍යවස්ථාවේ නැහැ.

ෆයිසර් මුස්තාෆා
පක්ෂ ව්‍යවස්ථාව යටතේ මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර හිමිවෙනවා.එතුමාගේ සාමාජිකත්වය තහනම් කිරීම ගැන මධ්‍යම කාරක සභාව තීරණය ගත්තා.

අනුර ප්‍රියදර්ශන යාපා
පක්ෂයේ එහෙම තවකාටවත් මධ්‍ය කාරක සභා කැඳවන්න බැහැ. ව්‍යවස්ථාවේ තියෙනවා මධ්‍ය කාරක සභා කැඳවන විදිහක්. ඒ විදික්‍රම ඇරෙන්න මධ්‍යම කාරක සභා පවත්වන්න අමාරුයි. මේකත් එක්තරා කුමන්ත්‍රණයක්.

විජිත් විජයමුණි සොයිසා
අපි කිව්වනේ කුමන්ත්‍රණයක් කියලා. දෙකට බෙදුවනේ අපේ පක්ෂය. ඒ දෙකට බෙදු පක්ෂය අද එකට එකතුවුනා. පක්ෂයේ සභාපති ලේකමුයි ඡන්දේ ඉල්ලුවා. සභාපති පැරදුනා. ලේකම් දිනුවා. ඉතින් අපි ලේකම් ගාවට ආවා.එතුමා සභාපතිවුනා ඔටෝ.



Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්