පොලිසිය වී.අයි.පී.වාහනත් පරීක්ෂා කරයි.

ඒ අනුව, ව්‍යාජ ලෙස ප‍්‍රභූ ලේබල් සහිතව ගමන් කරන වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. මීට අමතරව, ලියාපදිංචි නොකළ අංක තහඩු සහිත වාහන, අංක තහඩු නොමැති වාහන සහ අංක තහඩු අපැහැදිලි වාහන පිළිබඳව ද පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති බව ඔහු කියා සිටියා.
මේ අතර, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ ඡුන්ද කි‍්‍රයාවලිය සඳහා යුද හමුදාව මැදිහත් නොවන බවයි. ස්ථානීය රාජකාරිවල සිටි පොලිස් නිලධාරින්ගේ සේවා ආවරණයට පමණක් යුද හමුදා සෙබලූන් යොදා ඇති බව ඔහු සඳහන් කළා.