‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘

නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.
ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.
‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘
නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.