ශ‍්‍රී ලංකාව ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලාපොරොත්තුවක් එක් කළා.-බැරක් ඔබාමා.

සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප‍්‍රසාදය පළ කර තිබෙනවා.
එමෙන්ම සුගම ලෙසින් බලය හුවමාරු වීම පිළිබදව ද ඔහු ප‍්‍රශංසා කළා. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි.

එය ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහාය දක්වන්නන්ට බලාපොරොත්තුවේ සංකේතයක් වන බවයි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සදහන් කළේ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිළිබදව සුබ පැතූ ඇමරිකානු ජනාධිපතිවරයා නිවැරදි අන්දමින් බලය හුමවාරු කිරීම පිළිබදව හිටපු ජනාධිපතිවරයාට ද තුති පුද කලා. ශ‍්‍රී ලංකාවේ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සශ‍්‍රීකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් සූදානම් බවයි ජනාධිපති ඔබාමා සදහන් කර ඇත්තේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්