නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් අත්අඩංගුවට ගැනීමට නියෝග.

කහවත්තේ පොදු අපේක්ෂක රැස්වීමට සැරසිලි කරමින් සිටියදී අද (05)  අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
පැල්මඩුල්ල අධිකරණය මගින් නියෝග කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම සබරගමු පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප‍්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ද අත්අඩංගුවට ගන්නා ලෙසයි. අද අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මෙම සැකකරුවන් විදේශගතවීම වැළැක්වීම සඳහා කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල ආගමන විගමන බලධාරීන් වෙත ද නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්