Posts

කවුරු ආවත් - ගියත් පක්ෂය ශක්තිමත්.

Image
අභියෝග ජය ගනිමින් රටක් පාලනය කළ හැක්කේ ආත්ම විශ්වාසයක් ඇති රට පාවා නොදෙන නායකත්වයකට පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ - යටවත්ත - යේලක්කරේ මංසන්ධියේදී ඊයේ (13) පැවති ජන හමුවකට එක්වෙමින්. දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඍජු තීන්දු තීරණ ගැනීම නිසා රටට ජයග‍්‍රහණ රැසක් අත්කරදීමට පසුගිය කාලය තුළ රජයට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඇතමුන්ගේ කීමට හිස නමමින් රට පාවාදෙන නායකයෙකුට රට ඉදිරියට

ගම්මන්පිළ විරුද්ධ වුණා නම් ගිවිසුම් ගහන්නේ නෑලූ.

Image
බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ, ගිවිසුම් සම්බන්ධයෙන් මතු කරන පරස්පරතා 2005 වසරේදිත් පැවති බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ උදය ගම්මන්පිළ හෙළ උරුමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ දී  (12) දින කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

යානය මිදෙල්ල ගහේ හැපිලා " ගම්මුන් කියයි."

Image
අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා වැටුණු බව ගැමියෝ කියති.

‘ගම්මන්පිල තීරණය ගැටළුවක්‘ - ඕමල්පේ සෝභිත හිමි

Image
උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කර ගත්තකු නොවන බවත්, පෞද්ගලික තීරණයක් මත ජනපති සමඟ යළි එකතු වූ බවත් ඒ තීරණයගත්තේ කවර හේතුවකට දැයි ගැටළුවක් පවතින බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

ගුවන් අනතුරින් මිය ගිය සෙබලුන්ගේ සෝචනීය කතාවන්.

Image
අද (12) උදෑසන සිදුවූ ගුවන් අනතුරින් යානය පැදවූ නියමුවා මෙන්ම එහි ගමන්ගත් ගුවන් හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවා ලෙස කටයුතු කළේ ස්කොඞ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එන් අබේවර්ධනයි. සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග, ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත සහ ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න යන අය ද ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග බරපතල තුවාල ලබා

කාන්තාවන් භීතියට පත් කළ "කළු කුමාරය" අල්ලයි.

Image
කාන්තාවන් දිය නෑම සිදු කරන ස්ථාන, ඇඳුම් මාරු කරන ස්ථානවල මෙන්ම නිවෙස් වල ජනෙල් අසලට වී කාන්තාවන් නිදා ගෙන සිටින අවස්ථාවන් බලා සිටින තරුණයෙකු දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව සමඟ බෙදාගැනීමට ගුගල් සමාගම සුදානම්

Image
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම Street Views වැඩසටහන සඳහා මෙරට මහාමාර්ග වල සිට ඡායාරූප ගැනීම ඊයේ (11) දින ආරම්භ කර බව ගූගල් සමාගම නිවේදනය කලේය. මේ තම රටේ සුන්දරත්වය මුලු ලෝකය සමඟ බෙදාගැනීමට ශ්‍රී ලංකිකයින්ට ලැබෙන අලුත්ම මගකි. මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති Google Street Views  වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයකි. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක මාර්ගයේ සිට හාත්පස පැතිරුණු දර්ශනයක් දැක බලාගැනීමේ අවස්ථාවක් උදාවේ. වැඩසටහන මඟින් ආවරණය කරඇති රටවල් වල ගූගල් සිතියම් Zoom in කිරීමෙන් හෝ සිතියමේ දකුණු පස කෙලවරේ ඇති තැඹිලි පැහැ Pegman සංකේතය සිතියම මතට Drag කර නිල් පැහැයෙන් ලකුණු වන මාවත් පරීක්ෂා කිරීමෙන් Street Views ඡායාරූපය දැකබලාගත හැක. අද පටන් විශේෂ කැමරා සවිකල ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ග වල අංශක 360 ඡායාරූප ගැනීමේ සිදුකෙරේ. යාපනය, මාතර හා ආරුගම්බේ යන ප්‍රදේශවලින්  ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවර වන අතර Street Views වැඩසටහන යටතේ ඉදිරි වසර කීපය තුල සමස්ථ දිවයිනේම ඡායාරූප ගැනීමට කටයුතු කෙරෙණු ඇත. මේ වන විට ගූගල් සමාගම ශ්‍රී

ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදකී.

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (11) උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගත් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහ

මැතිවරණ කොමසාරිස් අද පක්ෂ ලේකම්වරුන් හමුවේ.

Image
සියලූම දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීවරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ජා කිරීම ස`දහා මෙම කැඳවීම සිදුකළ බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස කියා සිටියේ. පක්ෂ ලේකම්වරුන්ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත අද (12) පස්වරුවේ කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හෝකන්දර ගුවන්යානා අනතුරෙන් 4ක් මියයයි . (වීඩියෝ දර්ශන සහිතයි.)

Image
අතුරුගිරිය - හෝකන්දර ප‍්‍රදේශයට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ.එන් 32 වර්ගයේ ගුවන් යානයක් අද (12) උදෑසන කඩා වැටීමට පැවති කාලගුණ තත්ත්වයන් බලපාන්නට ඇතැයි විශ්වාස කරන බව ගුවන් හමුදා ප‍්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළා. හෝකන්දර - කැතරින් පාර්ක් නිවාස සංකීර්ණය අසල රබර් වත්තකට අද උදෑසන 6.20 ට පමණ එම ගුවන් යානය කඩා වැටුණු අතර යානයේ සිටි නියමුවන් ඇතුළු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් අයෙකු දැඩි පිලිස්සුම් තුවාල සහිතව මේ වනවිට ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයෙන් අද උදෑසන 06.10 ට පමණ පිටත්වී ඇත. පසුව, රත්මලාන බලා ගමන් ගත් යානයේ සන්නිවේදන හිටි හැටියේ නතර වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. නියමුවා අවසන් වරට ලබාදුන් සන්නිවේදනයෙන් ප‍්‍රකාශ වී ඇත්තේ ඉදිරි ගුවන් පථය පැහැදිලි නොමැති බව සහ මීදුමෙන් වැසී ඇති බවයි. ඒ.එන්.32 වර්ගයේ මෙම ගුවන් යානයේ පුද්ගලයන් 40 දෙනෙකුට ගමන් කළ හැකි අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරින් 3 දෙනෙකු පමණයි. යානය කඩා වැටීමත් සමඟ ගින්නක් හට ගත් අතර, නිවාස 3

ගම්මන්පිල ගියාට ප්‍රශ්නයක් නැහැ පාඨලී කියයි.

Image
ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහුත් තවත් එක් දේශපාලකයෙක් පමණක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

" යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා " ගම්මන්පිල කියයි.

Image
‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .

සිරිසේන සමඟ ගිය මන්ත‍්‍රී... ජනපතිට වැඳ ආපසු එයි.

Image
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු වී ඔහු සිරිසේන මහතාට එක් වීමට ගත් තීරණය මහා මෝඩකමක් බව පවසමින් ජනාධිපතිතුමාගේ දෙපා වැන්දේය. රාජ් චන්ද්‍රලාල් මහතා පසුගියදා මාතරදී විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක් විය. ===================================================================================== | යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |

වාසු ආණ්ඩුවෙන් නොයයි.

Image
රාජපක්‍ෂවරුන් විසින් ආණ්ඩුව තුල විශාල වශයෙන් බලය මෙහෙයවමින් සිටින බවත් තමන් එයට එකඟ නොවන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මර්වින්ව විපක්ෂයට ගන්න එපා රතන හිමි කියයි.

Image
මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විපක්ෂයට ගැනීම පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොදු විපක්ෂයේ නායකයින්ට විරෝධය පළ කර තිබේ.

ගම්මන්පිල යළි කරණමක් ගහයි

Image
ජාතික හෙළ උරුමයේ  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී  ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වෙයි.

Image
ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට බැසිල් කියයි.

Image
දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියේය.