වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වෙයි.



ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

ඉකුත් මයි මාසයේ පැවති ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදීගේ සන්ධාන රජය සමග එක්වූ වයිකෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ සිය පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකින් පසුව යැයි පැවසේ.
භාරතීය ජනතා පක්ෂ රජය දෙමළ ජනතාව පාවා දෙන බවත්, ඔවුන් ශ්‍රී ලංකා හිතවදී ප්‍රතිපත්ති අනුගමනය කරන බවද වයිකෝ ප්‍රකාශ කොට ඇතැයි පැවසේ. පාලක භාරතීය පක්ෂ ස්නධාන රජය සහ වයිකෝ ගේ එම්.ඩී.එම්.කේ.පක්ෂය අතර පසුගිය කාලය තුල අර්බුදයක් මතුවී තිබිණි. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන සුබ්‍රමනියම් ස්වාමි වරෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ වයිකෝ මෝදිගේ රජයෙන් නෙරපා හැරිය යුතු බවයි.
වයි.ගෝපාලස්වාමි හෙවත් වයිකෝ නිරන්තරයෙන් ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ංගනය වන බව පවසමින් ශ්‍රී ලංකාව විරෝධි උද්ඝෝෂණ පවත්වන එල්ටීටීඊ හිතවාදීයෙකු වේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්