මැතිවරණ කොමසාරිස් අද පක්ෂ ලේකම්වරුන් හමුවේ.

සියලූම දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීවරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ජා කිරීම ස`දහා මෙම කැඳවීම සිදුකළ බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස කියා සිටියේ. පක්ෂ ලේකම්වරුන්ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත අද (12) පස්වරුවේ කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


මේ අතර, මැතිවරණ නීතිය කි‍්‍රයාත්මක කිරීම පොලිසියේ පමණක් රාජකාරියක් නොවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි මැතිවරණ රාජකාරී සඳහා කම්කරුවන් 2010 ක් බඳවා ගෙන ඇති අතර, ඒ සඳහා මිලියන 50 ක මුදලක් වෙන්කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ දේශපාලන ප‍්‍රචාරක පුවරු ඉවත් කිරීමේ බලයත්, ප‍්‍රදර්ශනය කිරීමේ බලයත් මේ වනවිට පවතින්නේ අදාළ පළාත් පාලන ආයතන තුළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.








=====================================================================================







Share/Bookmark



| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්