‘ගම්මන්පිල තීරණය ගැටළුවක්‘ - ඕමල්පේ සෝභිත හිමි



උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කර ගත්තකු නොවන බවත්, පෞද්ගලික තීරණයක් මත ජනපති සමඟ යළි එකතු වූ බවත් ඒ තීරණයගත්තේ කවර හේතුවකට දැයි ගැටළුවක් පවතින බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

‘මාස ගණනක් තිස්සේ ගිවිසුම් තීරණවලට එළඹී ප්‍රතිපත්ති හදන්න පවා, වාඛ්‍ය සංශෝධනය කරන්න පවා ගම්මන්පිල මහතා බොහෝ වෙහෙසුනා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිවිසුම් අත්සන් කරද්දි පවා විරෝධය පල කළේ නෑ. එකඟව සිටියා. අපේ ගිවිසුම් මධ්‍යම කාරක සභාවේ සියයට සියයක්ම එකඟතාවය අනුවයි සිදු වුණේ. ගිවිසුම අත්සන් කර දින 10කට පසුවයි ප්‍රශ්නය මතු වුණේ. යළි රජය හා එක්වන්නට දෙදිනකට පෙර කිව්වෙත් ප්‍රශ්නයක් නැති බවයි. ‘
හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක -
‘පුද්ගලයන් එහා මෙහා වුණාට කණ්ඩායමට මඩ ප්‍රහාර එල්ල කළාට හෙළ උරුමය කළකිරෙන්නේ නෑ.‘
හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමි -
‘මේ ප්‍රශ්නය උගත් මිනිසුන්ගේ හෘද සාක්කිය සමඟ විසඳෙන ප්‍රශ්නයක්. දහස් ගණනක් මිනිස්සු බලාපොරොත්තු තමාගෙන සිටිනවා. ‘
මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමි ගම්මන්පිල මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සුනිමල් ජනරංජන හා ප්‍රභාත් මහීපාල මහත්වරු ද මේ සාකච්ඡාව එක්වූහ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්