දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට බැසිල් කියයි.

දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියේය.

වසර 30ක් තිස්සේ අපි හැමෝම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ බවත් ඒකට ආගමක්, ජාතියක්, පන්තියක් හෝ කුලයක් තිබුණේ නැති බව අමාත්‍යවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ත්‍රස්තවාදය අපි හැමෝම පීඩාවට ලක් කළා. උතුරේ වේවා, දකුණේ වේවා, සිංහල, දෙමළ, මුස්ලිම්, මේ මොන ජාතියට අයත් වුණත් මොන විදිහේ බලවතෙක්, අහිංසකයෙක් වුණත්, ත්‍රස්තවාදය නිසා දුක් වින්දා.

ජනාධිපතිතුමා 2005මුලින් ම බලයට පත් වුණ වෙලාවේ මේ ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළේ සාමයෙන්. බලයට පත් වෙලා වසරකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් මහන්සි වුණා. සාකච්ඡා කළා. හැබැයි කොටින්ට ඒ භාෂාව තේරුණේ නෑ. මාවිල්ආරුවලින් මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්න අපිට සිද්ධ වුණේ ඒකයි.අපි මාවිල්ආරුවලින් මේ මෙහෙයුම පටන්ගන්න කොට ජාත්‍යාන්තර බලපෑම් ආවා. ඒක නතර කරන්න. ඔවුන් කීවේ රනල්, ප්‍රභා ඊනියා සටන් ගිවිසුමට අනුව මේ මාවිල්ආරු සොරොව්ව තියෙන්නේ කොයි පාලන ප්‍රදේශ‍යේ කියලා.

රනිල්ගේ සාම ගිවිසුමේ නිරීක්ෂකයෝ විදියට හිටපු රටවල් 05ක් ජනාධිපතිතුමාට කිව්වා මේ මෙහෙයුම නවත්වන්න කියලා. නෝර්වේ එරික් සෝල්හයිම් දැඩි බලපෑමක් කෙරුවා. මානුෂීය මෙහෙයුම පටන් ගත්තොත් ජනාධිපතිතුමාව මානව හිමිකම් කොමිෂමට හරි අන්තර්ජාතික යුධාධිකරණයට ගෙනියනව හරි කියලා මේ අය තර්ජනය කෙරුවා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ කිව්වේ විදුලි පුටුවට නෙවේ. එල්ලුම් ගහට යැව්වත් ජනතාව වෙනුවෙන් කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන අරඹනවා කියලයි.

එහෙම කියලයි ජනාධිපතිතුමා මේ සටන ආරම්භ කළේ. අපි එදාම දැනගෙන හිටියා මේ සටන දිනුවත් පැරදුණත් ජනාධිපතිතුමාව යුද අධිකරණයට ගෙනියන්න මේ රටවල් උත්සහ කරන බව. අපි මේ දිනාගත්ත නිදහස අපිට විතරක් අයිති නෑ. මේ නිදහස දිනා ගන්න අපි හැමෝම විවිධ කැපකිරීම් කෙරුවා. වැඩියෙන් ම දුක් වින්දේ අපේ රටේ කාන්තාවෝ. අපි හැමෝම දුක් විඳලා දිනා ගත් මේ නිදහස අපේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් අයිති කරලා දෙන එක අපේ වගකීම.

දෙකඩ වෙලා තිබිච්ච මාතෘ භූමිය නිදහස, ස්වෛරී ඒකීය රටක් විදිහට අපි ඔබට ලබා දුන්නා.එදා මානුෂීය මෙහෙයුම ආරම්භ කරන වෙලාවේ ජනාධිපතිතුමාට කරපු තර්ජන අද ක්‍රියාත්මක කරන්න බටහිර සහ ඇතැම් දේශීය බලවේග සූදානමින් ඉන්නවා. ඔය බටහිර රටවල් සිරියාවට, ලිබියාවට, ඉරාකයට මැදිහත් වුණේත් ඔය විදියට ම තමා. යහපාලනය නෑ, ප්‍රජාතන්ත්‍රවාදය නෑ, පවුල් වාදය නිසා රට විනාශ වෙලා. මේ වගේ දේවල් කියලා තමා ඔවුන් සිරියාවට, ලිබියාවට ඉරාකයට එරෙහිව කටයුතු කළේ. ඒකට ඒ රටවල්වල ඇතැම් කන්ඩායම්වල සහයෝගයත් ලැබුණා. අද ‍මොකද වෙලා තියෙන්නේ. ඒ රටවල්වල ඉන්න හැම ජාතියක් ම දුක් විඳිනවා.

යුද්ධය නිසා වැඩියෙන් ම පීඩාවට පත් වෙච්ච කාන්තාවෝ අද පෙරට ඇවිත් ඉන්නවා ජනාධිපතිතුමා රැක ගන්න. රටට නිදහස දුන් ජනාධිපතිතුමා රැක ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ වෙලාවක් මේක. එහෙම නැති වුණොත් අපේ රට නැවත අපිට අහිමි වෙනවා. 2005තීරණාත්මක ජනාධිපතිවරණයේ දී ගම්පහ ජනතාව තමයි ජනාධිපතිතුමා තීරණාත්මක ලෙස ජයග්‍රහණය කෙරෙව්වේ. මේ කාන්තා ශක්තිය දෙස බලපුවාම මෙවරත් ගම්පහ ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්න බව අපිට පැහැදිලියි යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්