ගම්මන්පිළ විරුද්ධ වුණා නම් ගිවිසුම් ගහන්නේ නෑලූ.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ, ගිවිසුම් සම්බන්ධයෙන් මතු කරන පරස්පරතා 2005 වසරේදිත් පැවති බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ උදය ගම්මන්පිළ හෙළ උරුමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ දී  (12) දින කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.


මෙම මාධ්‍ය හමුවට ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය, පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්, සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ ද එක්ව සිටියා. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් උදය ගම්මන්පිළ මන්ත‍්‍රීවරයා විරෝධයක් දැක්වූයේ නම් එම ගිවිසුම අත්සන් තැබීම සිදුනොකරන බව ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියන් එහිදී සදහන් කළා. උන්වහන්සේ කියා සිටියේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී පවා ඔහු සම්බන්ධ වූ බවයි. ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ හෝ ඊට විරෝධය දැක්වීමට අවස්ථාව තිබූ බව ද උන්වහන්සේ කියා සිටියා. කෙසේ වෙතත් උදය ගම්මන්පිළ මන්ත‍්‍රීවරයා ගත් තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ගම්මන්පිළ මන්ත‍්‍රීවරයාට මෛත‍්‍රිය සහ නිදුක් නිරෝගී සුව ප‍්‍රාර්ථනා කරන බවයි.





Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)