කාන්තාවන් භීතියට පත් කළ "කළු කුමාරය" අල්ලයි.
කාන්තාවන් දිය නෑම සිදු කරන ස්ථාන, ඇඳුම් මාරු කරන ස්ථානවල මෙන්ම නිවෙස් වල ජනෙල් අසලට වී කාන්තාවන් නිදා ගෙන සිටින අවස්ථාවන් බලා සිටින තරුණයෙකු දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල ආසන්න ප්‍රදේශවල දිවා රාත්‍රී කාලයේ කාන්තාවන් දෙස අයෙකු මෙසේ බලා සිටින බැවින් ප්‍රදේශවාසී කාන්තාවන් දැඩි භීතියකින් පසු වී තිබේ.
පසුව මෙම පුද්ගලයා කවුරුන්දැයි සොයා ගැනීමට නොහැකිව සිට ඇති අතර ඔහුව "කළු කුමාරයා" යන නාමයෙන් හඳුන්වා තිබේ.
කාන්තාවක් දෙස බලා සිට ඇති මෙම තරුණයා ඇය නිවසින් පිටවී යන අවස්ථාවේ ඇයව වැළඳගෙන ඇති අතර එම අවස්ථාවේ එය දුටු නිවැසියන් විසින් ඔහු අල්ලාගෙන දඹුල්ල පොලිසිය දන්වා තිබේ.
ඒ අනුව දඹුල්ල පොලසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
තවද අවුරුදු 23ක් වයසැති මෙම තරුණයා ළඟ තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප රැසක් තිබී ඇත.
මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
