කවුරු ආවත් - ගියත් පක්ෂය ශක්තිමත්.

අභියෝග ජය ගනිමින් රටක් පාලනය කළ හැක්කේ ආත්ම විශ්වාසයක් ඇති රට පාවා නොදෙන නායකත්වයකට පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ - යටවත්ත - යේලක්කරේ මංසන්ධියේදී ඊයේ (13) පැවති ජන හමුවකට එක්වෙමින්. දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඍජු තීන්දු තීරණ ගැනීම නිසා රටට ජයග‍්‍රහණ රැසක් අත්කරදීමට පසුගිය කාලය තුළ රජයට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඇතමුන්ගේ කීමට හිස නමමින් රට පාවාදෙන නායකයෙකුට රට ඉදිරියට
ගෙන යා නොහැකි බවයි කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නගර සභා, ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා සඳහා තරඟ කර තේරී පත් නොවූ අපේක්ෂකයින් වෙනුවෙන් නාරාහේන්පිට - ශාලිකා කී‍්‍රඩාංගනයේ පැවති ජනහමුවකටද ජනාධිපතිවරයා ඊයේ එක්වුණා.

මේ අතර නාවුල ප‍්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමයේ නරකත්, වංචා දූෂණත් ඇතමුන්ට පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ රජයෙන් ඉවත්වූ පසුව බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්