Posts

අළුතින් චක්‍රාවාටයක් සොයාගත් එන්.ජී.සී.6872 චක්‍රාවාටය.

Image
සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.

ත්‍රිරිකුණාමලය රෝහල් සේවකයෝ ජලටැංකියට නැගලා.

Image
ත්‍රි රිකුණාමලය රෝහල් සුළු සේවකයෝ පිරිසක් අද ජලටැංකියට නැග පැය 6ක් තිස්සේ විරෝධතාවක යෙදී සිටිති. මෙතෙක් කල්දුන් ඒප්‍රණය සෞක්‍ය සේවා කාර්යාලය ඉවත් කිරීමට යතියි ඔවුහු චෝදනා කරති. ජලටැංකියට නැග සිටි පිරිසට  සහයෝගය පා රෝහලේ සෙසු සේවකයෝ ද රාජකාරියෙන් ඉවත්ව ජලටැංකිය අසල රැඳී සිටිති

දෙමළ මන්ත්‍රී ලේකම් දැළේ

Image
දෙමළ ජාතික සංධාන පාර්ලමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැටි තොගයක් සමග කිලිනොච්චියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි.

අංගම්පොර සටන් පුහුණුව ගුවන් හමුදාවට

Image
ගුවන් හමුදා  විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන්   පුහුණුව   ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.

දෝෂාභියෝග සම්මත වීම පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා කළ ප්‍රකාශය.

Image
සරත් පෙරේරා අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් මෙතෙක් තිබුණ අවුල්කාරී තත්ත්වය අහෝසි වනු ඇති බවත් රජය මින් ඉදිරි යට ගන්නා ක්‍රියාමාර්ග වලින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන බවට ඔප්පු කළ යුතුව තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා මේ ප්‍රකාශය කළේ ය.

මස්‌ මාංශ නොකා මා දින ගණනක්‌ කැපවුණා

Image
දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය චිත්‍රපටයට නගන්න සිතුවේ ඇයි? මම බෞද්ධයෙක්‌. මහනුවර කන්ද උඩරට දළදා මාළිගාවේ වැජඹෙන ගෞතම බුදුන් වහන්සේගේ යටි වාම දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ අප රට තුළ ඇතිවූ පුනර්ජීවනය පිළිබඳ රිදී තිරය ඔස්‌සේ කියා පාන්න මා ගත් උත්සාහය මෙරට විතරක්‌ නොවේ ලොව ජීවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙක්‌ම පැසසුමට ලක්‌කළා. මහින්දාගමනය නැරඹූ ඇතැමුන් මට පිං දෙන්න පටන් ගත්තා.

පාසල් නොගොස්‌ පෙම් සුව විඳිමින් සිටි යුවළ අත්අඩංගුවට.

Image
කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී  (8 වෙ නි දා) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වර්ණවත් වැසි ගැන සොයන්න නාසා විද්‍යාඥයෙ

Image
ශ්‍රී ලංකාවට ඇදහැලුණු රතු, කහ වැසි හා ආකාශ වස්තු කොටස් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බී. ෆූවර් මහතා කැමැත්ත පළ කර ඇත.

උඩුවර ප්‍රදේශයේ දෙදරු මවකට අතව.

Image
මුහුණ ආවරණය කරගෙන පිහියක් රැගෙන හාලිඇළ උඩුවර නිවෙසකට රාත්‍රි ඇතුළු වූ පුද්ගලයකු නිවෙසේ සිටි කාන්තාව බිය ගන්වා ඇයට ලිංගික අතවර කර පලාගොස් ඇත.

ලාංකික පෙම්වතිය වෙනුවෙන් ඉන්දීය හමුදාව සමග යුද්ධ කළ මේජර්වරයා

Image
මේජර් විකාශ් කුමාර් සහ  රන්මලී ගුණරත්න කර්නාටක අගවිනිසුරු  වික්‍රමජිත් සෙන්              ඉන්දීය හමුදාවේ සංඥා බළකායේ මේජර්වරයකු වන විකාශ් කුමාර් සහ ශ්‍රී ලාංකීක ශිෂ්‍යාවක්‌ වූ රන්මලී ගුණරත්න අතර විවාහය ලබන මස දී සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය විසින් පසුගියදා හෙළි කර ඇත. මෙම ශ්‍රී ලාංකික තරුණිය විවාහ කර ගැනීමට මේජර් වරයා කළ උත්සාහය ව්‍යාර්ථ කිරීමට ඉන්දීය හමුදාව දැඩි ලෙස උත්සාහ කළ බව වාර්ථා වීය. 

ශිෂ්‍යත්ව සමතුන්ට හිමි පාසල් පිළිබඳ තොරතුරු අද වෙබ් අඩවියට.

Image
ශිෂ්‍යත්ව විභාගයේ අවම කඩඉම් ලකුණු අනුව සිසුන්ට හිමි වන පාසල් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gou.lk යන වෙබ් අඩවියට අද (09 වැනිදා) ඇතුළත් කරන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

ගින්නලිය විදුහල ළඟ කඳුළු ගඟක්‌...........

Image
ඌරුබොක්‌ක පොලිස්‌ වසමේ, ගින්නලිය, විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථයකට යටවීමෙන් මියගිය එම විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුසර විශ්මික (06) දරුවාගේ දේහය අසල හඬා වැළපුණ පියා සහ ආච්චි අම්මා ඡායාරූපයේ දැක්‌වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බස් රථ වර්ජනයක්

Image
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කර සිටියි.

ගම්වාසීන්ගේ අතටම හසුවූ ස්ත්‍රී දූෂණයකයා

Image
ඉන්දියාවේ පාලක පක්ෂය වූ කොංග්‍රස් පාක්ෂයේ සභිකයෙකු පසුගියදා අසෑම් ප්‍රාන්තයේදී ගෙදරකට පැන ස්ත්‍රී දූෂණයක් කර තිබුණා.

ධනවත් ඉන්දියානුවාගේ රු. ලක්ෂ 29ක කමිසය

Image
ලංකාවේ මුදලින් රු. ලක්ෂ 29ක් පමණ වටිනා කමිසයකින් සැරසීමට ධනවත් 32 හැවිරිදි ඉන්දියානුවෙක් සූදානම් වෙනවා. එම කමිසය මසා ඇත්තේ රන් කෙඳි වලිනි. එමඟින් ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණය ලබාගැනීමටයි බලාපොරොත්තු වන්නේ.

"ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක වීම" ගැන කලාකරුවන්ගේ අදහස්

Image
පසුගියදා   " ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක" බවට පත්ව ඇති බව පුවතක් මගින් වාර්තා කරනු ලැබුවා .   එම පුවත මගින් විස්තර වුයේ වෙනත් රටවල් අභිබවා යමින් 2012 වසරේදී වැඩිපුරම "සෙක්ස්" යනුවෙන් ගුගල් කර ඇත්තේ ශ්‍රී ලංකාව බවය. එමෙන්ම එය උච්චතම වී ඇත්තේ අප්‍රේල් හා අගෝස්තු පාසල් නිවාඩු කාලවලදී බවද වාර්තා විය. මේ පිලිබඳ කලාකරුවන් විසින් දරන විවිධ අදහස් මව්බිම යංග් අතිරේකයට ප්‍රකාශකොට තිබු අතර ඒවා බලන්න පහතින් 

කල්මුන ප්‍රදේශයේදී ඉන්දියන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Image
කල්මුන කිට්ටන්ගි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වෙළඳාම් කටයුතු වල නිරතවූ ඉන්දියන් ජාතික කාන්තාවක් කලවංකුඩි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාව පුරා සල්ලි දෙගුණ කරන ජාවාරම් !

Image
මේ වනවිට තැනින් තැන සක්විත්තන් බිහිවූවා සේ සල්ලි දෙගුණ කරන වංචාකරුවන් ද බිහිවී තිබේ.   සක්විති හෝ ගෝල්ඩන් කි තරම් සංකීර්ණ නොවන මෙම ජාවාරමේ ඇත්තේ සිම්පල් මැජික් එකකි.  එම සිම්පල් මැජික් එකට පවා රැවටෙමින් තමා සතුවූ මුදල් දෙගුණ කරගැනීමට ගොස් තිබු මුදලත් අහිමිවූ වූ පුවත් ගැන   පසුගිය කාලයේ වාර්තා විය.