ලංකාව පුරා සල්ලි දෙගුණ කරන ජාවාරම් !




මේ වනවිට තැනින් තැන සක්විත්තන් බිහිවූවා සේ සල්ලි දෙගුණ කරන වංචාකරුවන් ද බිහිවී තිබේ. 

සක්විති හෝ ගෝල්ඩන් කි තරම් සංකීර්ණ නොවන මෙම ජාවාරමේ ඇත්තේ සිම්පල් මැජික් එකකි. 


එම සිම්පල් මැජික් එකට පවා රැවටෙමින් තමා සතුවූ මුදල් දෙගුණ කරගැනීමට ගොස් තිබු මුදලත් අහිමිවූවූ පුවත් ගැන පසුගිය කාලයේ වාර්තා විය. 

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහරගම පන්සල පාර ප්‍රදේශයෙනි. කැමරන් ජාතිකයෙකු ලෙස පෙනිසිටිමින් සබන් වතුර බේසමකට දමා මුදල් දෙගුණ කරන පුද්ගලයෙකු ව්‍යාපාරිකයෙකුගේ මුදල් දෙගුණ කරමින් සිටින විටදී ඔහු පොලිස් අත් අඩංගුවට පත්විය. 

මුදල් දෙගුණ කරන ඇස් බැන්දුම 
ඇත්තෙන්ම සබන් වතුර බේසමකට මුදල් කොළ දමා දෙගුණ කරන කතාව පිළිගැනීමට තරම් මිනිසුන් අඥාන වුයේ ඇයි?. එයට පිළිතුර වන්නේ සාර්ථක ඇස් බැඳුමක් මගින් තමා කරන ක්‍රියාව මගින් මුදල් දෙගුණ කරගැනීමට හැකි බව තමාගේ ගනදෙනුකරුවන්ට උදාහරණයක් මගින් පෙන්වාදීමට ඔවුන් සමත්වීමයි. 


මෙම සරල උදාහරණය කිරිම සඳහා එම පුද්ගලයා විසින් මුදල් කොළ වර්ගයක් වෙන් කොට ගනී. උදාහරණයක් ලෙස රුපියල් දෙදාහා කොලය ගතහොත් ඔහු විසින් කරනුයේ රුපියල් දෙදහාට සරිලන ලෙස හාෆ් ශීට් කොලයක් කපා ගෙන එය තමාගේ රසායනික බෙහෙත (බොහෝවිට සබන් වතුර හෝ කොන්ඩිස් දියකරගත් වතුර වේ )  මගින් ගනදෙනුකරුවා සතු දෙදාහේ කොලය එයට පිටපත් වන බව පෙන්වා දෙයි. 

ගනදෙනුකරුවා පැමිණීමට පෙර දෙදාහේ කොලයක් උඩ තවත් දෙදාහේ කොලයක් අලවා කළු විදුරුවක එය සඟවා තබා ගනී.

එම අවස්ථාවේ උණු වතුර වක්කරන්නේ ගම් ගැලවී එම කොල දෙක එකිනෙක වෙන්වීමටය. එවිට කලින් කොළ දෙකක් අලවා එකක් සේ තිබූ කොළ දෙක වෙන්වීමක් සිදුවේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්