Posts

කාමුක නිළි සනී ලියෝන්ට මෝඩි දෙවැනි වෙයි.

Image
2014 වසරේ ඉන්දියාව තුළ ගූගල් සෙවුම හරහා වැඩි වශයෙන් සොයා ඇත්තේ කාමුක නිළි සනී ලියෝන් පිළිබදවයි. ඒ අනුව දකුණු ආසියාවේ බිලියන 1.2ක ජනග්‍රහණයක ජීවත්වන ඉන්දියාවේ වැඩි වශයෙන් සෙවූ පුද්ගලයා ලෙස කාමුක නිළි සනී ලියෝන්ගේ නම වාර්තා පොතට ඇතුළත් වනු ඇති.

මගෙන් පසු ලාමා පරපුර අවසන්. - දලයි ලාමාතුමන්.

Image
තමාගෙන් පසු දලයි ලාමා පරපුර අවසන් වනු  ඇතැයි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමා පවසනවා. බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් එතුමන් කියා සිටියේ තමාගේ මරණින් පසු සියවස්

ජනාධිපතිවරණය දා පොලීසියට ටී 56.

Image
කටවුට් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෛත‍්‍රීගේ පැත්තට අදත් පිල් මාරු රැසක්

Image
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න අද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.

සිංගප්පූරු කුමන්ත‍්‍රණ ගැන සන්ධානය කියයි.

Image
පොදු විපක්ෂය සිංගප්පූරුවේ සිට සිදුකරන කුමන්ත‍්‍රණකාරී ගණුදෙනු නුදුරේදීම හෙළි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කළා. අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මෙම අදහස් පළ කළේ එම සන්ධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. සිංගප්පූරුවේ සිට ආණ්ඩුව පෙරළීම සඳහා මුදල් ලබාදීමේ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළා.

වදුරඹ හංස සැරසිල්ලට වඳුරු ප්‍රහාරයක්

Image
ගාල්ල - වදුරඹ මංසන්ධියේ අද (17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ රැස්වීමක වේදිකාවට කිසියම් පිරිසක් ඊයේ (16) රාත‍්‍රියේ ගිනි තබා

මෙවරත් ගූගල් වලින් Sex කප් එක ලංකාවට !

Image
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා.

රටේ සහ ජාතියේ අනාගතය පාවාදෙන්න බැහැ. ජනපති කොළොන්නාවේදී කියයි.

Image
රටේ සහ ජාතියේ අනාගතය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවාදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් සංවිධානය කළ ජන හමුවකට කොළොන්නාව - කොටිකාවත්ත මංසන්ධියේදී ඊයේ එක්වෙමින්.

කලාකරුවන් පිරිසකගේ සහය මෛත‍්‍රීට. (වීඩියෝ සහිතයි)

Image
පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය කොළඹදී ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ධනවත් රටක් නිසා තෙල් මිල පහළ යයි.

Image
ලෝක වෙළඳපොලේ තෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ඉල්ලූම අඩුවීම සහ සැපයිය හැකි තෙල් සංචිත බහුලවීම හේතුවෙන් ඊයේ දිනයේදිද තෙල් මිල සියයට 3 කින් පහත වැටුණා.

‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානයක් හඳුන්වාදෙයි.

Image
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.

බේරේ වැවට වාහනයක් පෙරළී පස්දෙනෙකුට තුවාල.

Image
කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අද (14) අලූයම් කාලයේ මෝටර් රථයක් බේරේ වැවට පෙරළී තිබෙනවා. එහි ගමන් ගත් පුද්ගලයන් පස්දෙනෙකුට එහිදී සුළු තුවාල සිදුව ඇති අතර ඔවුන් ජාතික රෝහල වෙත රැුගෙන ගිය බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

කාන්තාවකට රට පනින්න උදව් දුන් නිලධාරීන්ට වැඩ වරදී.

Image
අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කර තිබූ කාන්තාවකට විදෙස් ගතවීමට ආධාර අනුබල දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරියෙකු සහ තවත් නිලධාරියෙකු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

යුද්ධයෙන් සදාචාරයටත් බලපෑමක් වුණා - ආරක්ෂක ලේකම්.

Image
යුද්ධයෙන් විනාශයට පත්වූයේ ජීවිත සහ දේපළ පමණක් නොව මෙරට සදාචාරයටද බලපෑමක් එල්ල වූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා. හොරණ - පොකුණුවිට - කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 80 වන දහම් පාසල් සංවත්සරය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (13) එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ඉන්දුනීසියාවේ නායයාමෙන් 17 ක් මරුට.

Image
ඉන්දුනීසියාවේ - ජාවා දිවයිනේ මහවැසි සමඟ ඇති වූ නායයාමෙන් මේ වනවිට පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

තායි රජ කුමරිය වගකීම් අත්හරී.

Image
පොලිස් ජෙනරාල්වරයෙකු වන තම මාමා ඇතුළු පවුලේ ඥාතීන් රැසක් මූල්‍ය දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු තායිලන්තයේ කිරුළ හිමි වජිරලොන්කෝන්ගේ බිරිඳ සිරස්මි, ඇගේ රාජකීය වගකීම්වලින් නිළ වශයෙන් ඉවත් වී තිබෙනවා. ඒ සඳහා තායිලන්තයේ භූමිබෝල් රජුගේ අවසරය ලැබී ඇති බවයි බැංකොක් වාර්තා සදහන් කළේ.

පොදු අපේක්ෂකයාගේ පොරොන්දුවක් ඇමති ඩලස් හෙළි කරයි.

Image
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පාර්ශවයන් සංවිධාන කරන ජනහමු නිසා ජනාධිපතිවරණ වේදිකාවද උණුසුම් වී තිබෙනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කළේ රටින් බැහැරව සිටින බෙදුම්වාදීන්ට ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන එකඟ වී ඇති බවයි.

කළු සුදු ගැටුම ඇමරිකාව පුරා පැතිරෙයි.

Image
නිරායුධ කළු ජාතික තරුණයන් සුදු පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් මරුමුවට පත්වීමේ සිද්ධීන්වලට එරෙහි විරෝධතා දැන් ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් පුරවරයටද ව්‍යාප්ත වී තිබෙනවා. දහස් ගණන් කළු ජාතිකයන් ඊයේ එහි විරෝධතා පෙළපාලිවල නිරතවූ අතර,