වදුරඹ හංස සැරසිල්ලට වඳුරු ප්‍රහාරයක්

ගාල්ල - වදුරඹ මංසන්ධියේ අද (17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ රැස්වීමක වේදිකාවට කිසියම් පිරිසක් ඊයේ (16) රාත‍්‍රියේ ගිනි තබා
තිබෙනවා. වදුරඹ පොලීසිය සදහන් කළේ ගින්නෙන් වේදිකාවට හානි සිදුව ඇති බවයි. වේදිකාව අසළ නවතා තිබූ ලොරි රථයකට ද ඉන් හානි සිදුව ඇති බව පොලීසිය කියා සිටියා. සිද්ධියෙන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.


ඡයා රුපය උපුටා ගැනීම : lankadeepa.lk