කළු සුදු ගැටුම ඇමරිකාව පුරා පැතිරෙයි.

නිරායුධ කළු ජාතික තරුණයන් සුදු පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් මරුමුවට පත්වීමේ සිද්ධීන්වලට එරෙහි විරෝධතා දැන් ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් පුරවරයටද ව්‍යාප්ත වී තිබෙනවා. දහස් ගණන් කළු ජාතිකයන් ඊයේ එහි විරෝධතා පෙළපාලිවල නිරතවූ අතර,
මිසූරි නගරයේදී වෙඩි පහරට ලක්වූ මයිකල් බ‍්‍රවුන්ගේ සහ නිව්යෝක් හිදී එලෙස මියගිය එරික් ගානර්ගේ ඥාතීන්ද ඒ අතර සිටි බව සඳහන්. ඔවුන් දෙදෙනාම සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගොස් ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම ඇමරිකානු ජූරි සභා මගින් ප‍්‍රතික්ෂේප කළා. වොෂින්ටන් නුවර පමණක් නොව අධික ශීත කාලගුණය නොතකා නිව්යෝක් නගරයේද කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිය උදෙසා විරෝධතා පැවති බව විදෙස් වාර්තා සඳහන් කළා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)