රටේ සහ ජාතියේ අනාගතය පාවාදෙන්න බැහැ. ජනපති කොළොන්නාවේදී කියයි.

රටේ සහ ජාතියේ අනාගතය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවාදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් සංවිධානය කළ ජන හමුවකට කොළොන්නාව - කොටිකාවත්ත මංසන්ධියේදී ඊයේ එක්වෙමින්.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන පෙරමග බලා සිටිමින් කොළොන්නාව ප‍්‍රදේශයේ අතිවිශාල ජනකායක් කොටිකාවත්ත මංසන්ධියට එක්ව සිටියා. ඔවුන් අතරට ගිය ජනාධිපතිවරයා තොරතුරු විමසමින් සුහද කථාබහකද නිරතවුණා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ මෙලෙසින්.

‘‘මේ උදය වරුවේ වැඩ තියෙන දවසක ඒ වැඩ අතහැරලා අපි වෙනුවෙන් ඔබ මේ රැස්වීමට ආපු එක ගැන මම තමුන්නාන්සේලාට මගේ ස්තූතිය පුද කරනවා. මේ අති විශාල පිරිසක්. විශේෂයෙන්ම මම ස්තූතිවන්ත වෙනවා දුමින්ද සිල්වා මැතිිතුමාට. සාර්ථක රැස්වීමක් මහ දවල් තියන්න කටයුතු කරපු එක ගැන. අද මේ නිදහස් රට, බෙදිලා තිබුණ රට, කෑලිවලට කැඩිච්ච රට, ආර්ථිකය බින්දුවට බැහැපු රට අපි ගොඩනැගුවා. පාපැදියක් ඉල්ලපු කෙනා අද ඉල්ලන්නේ මෝටර් සයිකලයක් දෙන්න කියලා. අපේ ගමේ තිබුණ සුන්දරත්වය අපි අද කොළඹට ගෙනල්ලා. කොළඹ සංවර්ධනය අපි ගමට ගෙනල්ලා. මම පැල්පත්වාසීන් වශයෙන් පොඩි ගෙවල්වල ඉන්න අය අද හඳුනාගෙන තිබෙනවා. ඒ අයට තට්ටු නිවාස හදාගෙන යනවා. ඒක කොළඹටත් කරනවා. කොළොන්නාවටත් කරනවා. ඒක ආපස්සට හරවන්න එපා. දුමින්ද, මේ ආසනය රටේම ඉන්න ලොකුම ඇමතිවරු නියෝජනය කරනවා. අද ඔබ නියෝජනය කරන්නේ ඒක. අපි ඉඳලා යයි. නමුත් ඔබේ දරුවන්ට රට තියෙන්න  ඕන. අපි සතුටු වෙනවා අද මේ වේදිකාවේ හිටපු සියල්ලෝම ගැන. අපි හැමෝම එකතුවෙලා ජයග‍්‍රහණය ලබාගත යුතුයි. මේ සමගියයි මට  ඕන.’’

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා අදහස් පළ කළේ මෙලෙසින්.

‘‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතත් මේ රටේ අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට පිදුම් ලබනවා. ඇතුලේ ඉඳලා ජනාධිපතිතුමත් එක්ක ආප්ප කාලා පැදුරටත් නොකියා පැන්න මෛත‍්‍රීපාල දැන් හදනවා යහපත් පාලනයක් ගෙනියන්න. ඇතුලේ කුමන්ත‍්‍රණ කරලා ජනතාවට කොහොමද නායකත්වයක් දෙන්නේ කියලා තමුන්නාන්සේලා තීරණය කරන්න  ඕන. ජනාධිපතිතුමා වගේ නායකයෙක් මේ රටට බිහිවෙන්නේ නැහැ. එතුමා මේ රටේ ත‍්‍රස්තවාදය අවසන් කරලා විශාල සංවර්ධනයක් ගෙනාවා. එහි ප‍්‍රතිලාභ දැන් ලැබෙන්නේ තමුන්නාන්සේලාට. ඒ නිසා ජනාධිපතිතුමා 9 වෙනිදා ජනාධිපති ධුරයට පත් වෙනකොට ඒ අයට උත්තර දෙන්න පුළුවන් වෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. අද අපි සාමකාමීව මේ ගමන යන්න  ඕන. සමහරු කියනවා අභියෝග, භීෂණ මේවා මවාගත්තු දේවල්. මවාගත්ත දේවල්වලට අපට කරන්න දෙයක් නැහැ. මොකද ජනාධිපතිතුමා නියෝග දීලා තියෙන්නේ සාමකාමී මැතිවරණයක් ගෙනියන්න කියලා. ඒ නිසා අද මේ යන ගමන ශක්තිමත් කරන්න කොළොන්නාවේ ආසනයේ ජනතාව වශයෙන් ඔබත් එකතුවෙන්න  ඕන. එතකොට තමයි අපිට තවත් ශක්තියක් ලැබෙන්නේ’’ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ එලෙසින්.



Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්