බේරේ වැවට වාහනයක් පෙරළී පස්දෙනෙකුට තුවාල.

කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අද (14) අලූයම් කාලයේ මෝටර් රථයක් බේරේ වැවට පෙරළී තිබෙනවා. එහි ගමන් ගත් පුද්ගලයන් පස්දෙනෙකුට එහිදී සුළු තුවාල සිදුව ඇති අතර ඔවුන් ජාතික රෝහල වෙත රැුගෙන ගිය බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
ඒ අතුරෙන් හතරදෙනෙකු ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් අයෙකු තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. අද අලූයම 2 යි 30 ට පමණ බේරේ වැවට වැටුණු මෝටර් රථය නාවික හමුදාවේ සහය ඇතිව පසුව ගොඩගෙන තිබෙනවා. මෝටර් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක්.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)