කාන්තාවකට රට පනින්න උදව් දුන් නිලධාරීන්ට වැඩ වරදී.

අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කර තිබූ කාන්තාවකට විදෙස් ගතවීමට ආධාර අනුබල දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරියෙකු සහ තවත් නිලධාරියෙකු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


2012 වසරේ ගුවන් තොටුපලේ සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් අලූත්ගම - දර්ගා නගරයේ පදිංචිකාරිනියක් වන 57 හැවිරිදි අදාළ කාන්තාවට විදේශ ගමන් තහනම් කරමින් මීගමුව අධිකරණය නියෝගයක් ලබාදී තිබුණා. කෙසේ වෙතත්, මෙම කාන්තාව පෙරේදා සෞදි අරාබිය බලා යාමට ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී සැකකාර ආගමන විගමන නිලධාරීන් දෙදෙනා ඇයට ගුවන් ගතවීමට උපකාර කර ඇති අතර, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ඇතිවු සැකයක් මතයි මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුනේ.

පසුව ඇගේ ලිපිලේඛණ පරීක්ෂා කිරීමේදී හෙලි වී ඇත්තේ මෙම කාන්තාවට විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවතින බවයි. ඉන් අනතුරුවයි අදාළ ආගමන විගමන නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්