Posts

ප්‍රේමලාල් ජයසේකර අලුත්ගමදී අත්අඩංගුවට.

Image
කහවත්තේදී පොදු අපේක්ෂකගේ ආධාරකරුවන්ට වෙඩිතබා එක අයෙක්ව ඝාතනය කිරීමේ සිද්දියට

නව ජනපති, අගමැති අද දිවුරති

Image
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.

පොලිසිය වී.අයි.පී.වාහනත් පරීක්ෂා කරයි.

Image
වී.අයි.පී නැතහොත් ප‍්‍රභූ ලාංඡන සහිතව මාර්ගවල ගමන් කරන වාහන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිස් මූලස්ථානය, සියලූ පොලිස් මාර්ග බාධක වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කහවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි අයෙකු මියයයි.

Image
රත්නපුර - කහවත්ත ප‍්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද

හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම්

Image
මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසනවා. හිරු ටී.වී. ඔස්සේ ඊයේ (06) විකාශය වූ ‘‘රට සහ හෙට ’’ වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්ද දූෂණයකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.

නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් අත්අඩංගුවට ගැනීමට නියෝග.

Image
කහවත්තේ පොදු අපේක්ෂක රැස්වීමට සැරසිලි කරමින් සිටියදී අද (05)  අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට

Image
2015 ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ඔන්ලයින් දායකයන් 20 දෙනකුට නිකුත් කිරීමට සියල්ල දැන් සූදානම් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මේ වැඩපිළිවෙල බාරව සිටී. ලබන බදාදා (7) වන විට සියලුම පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ එහි සවිකරණ බවත් එම සේවය මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ලබාදෙනුයේ ලියාපදිංචි වූ ඔන්ලයින් දායකයන් 20දෙනකුට බවත් මහචාර්යවරයා කියයි. හැම ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් අස්සන යටතේ එසැණින් නිකුත් කරන බවද මහාචාර්යවරයා පවසයි

වෙන්නප්පුවේ සිව්පුද්ගල ඝාතකයා මාඔයට පනී.

Image
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුරකරුගේ අතුරුදන්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත අතුරුදන් වූ මුරකරු ඊයේ පෙරවරුවේ අනුරාධපුර - ගල්කිරියාගම ප‍්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පිරිමි කෙනෙකුට බරපතල ලිංගික අතවරයක් සිදු කරලා.

Image
වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර වාහන හිමියන්ට දැනුම්දීමක්.

Image
ජනාධිපතිවරණ රාජකාරිය සඳහා නිලධාරීන් යෙදවීම හේතුවෙන් ජනවාරි 7,8 සහ 9 යන දිනවල ආදායම්

‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘

Image
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු කියති. “රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා.

වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි.

Image
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොමැතිවම එය ගොඩබස්වා යානයේ සිටි මගීන් 400 දෙනා සුරක්ෂිත කිරීමට පසුගියදා ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් ගුවන්සේවයේ සේවය කරනා ගුවන්නියමුවෙක් සමත් විය.

53% මහින්දටද ? , මෛත්‍රීටද ?

Image
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි.

තවත් පිල් මාරුවක්. මෛත්‍රී පිලට 17ක්.

Image
හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහය පළ කරන බව අද (01) ප‍්‍රකාශ කළා.

‘මේ රටට මා බිහි වෙද්දී කාණුවකට විසි කරන්න මාපියන්ට නොහිතුනේ ඇයි?‘

Image
‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී හැඬූ කඳුලින් පැවසීය.

"බබයි මායි හිරවෙලා ඉන්නේ "අපිව බේරගන්නැයි නායයන අතර දුරකථන ඇමතුන් දුන් හෙදියගේ දරුවා තුරුළු කරගත් මළ සිරර ගොඩගනී.

Image
මේ දිනවල අයහපත් කාලගුණ තත්වය නිසා සිදුවන පාරිසරික විපත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට හිරිහැරයකි. ඒ ඇතුළත සිදුවන ඇතැම් අනුවේදනීය කතා පුවත්ද තිබේ. බදුල්ල, රිල්පොල, අක්කර 53 ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් යටවූ මහල් නිවසක් තුළ බදුල්ල රෝහලේ හෙදියක් සහ මාස 2ක් වයසැති දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් සිතට වේදනාවක් ගෙන දුන්නේ ඇය නායයාමේ මුල්කොටසේදී අසරණවී පිහිටක් සොයා ජංගම දුරකථනයෙන් සිය රෝහල් කාර්ය මණ්ඩල හිතවතුන්ට ලබාදුන් ඇමතුමක් නිසාය.

සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ

Image
  බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ  ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඊයේ (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ. 

නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම අත්අඩංගුවට

Image
නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වු  බව ගුවන් නිලධරයෝ ප්‍රකාශ කළේය.