‘මේ රටට මා බිහි වෙද්දී කාණුවකට විසි කරන්න මාපියන්ට නොහිතුනේ ඇයි?‘


‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී හැඬූ කඳුලින් පැවසීය.

පෙරදින කුරුණෑගල කුඹුක්ගැටේ දී පැවැති කලාකරුවන්ගේ වැඩසටහනකට ප්‍රහාරයක් එල්ල වූ අතර ජගත් මනුවර්ණ ද පහර කෑමට ලක් විය.
ජගත්ගේ කතාව ආරම්භ කළ අවස්ථාව මාධ්‍ය සාකච්ඡාවේ සිටි සියලු දෙනාට  සංවේදී අවස්ථාවක් විය. මේ අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.
‘මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා.‘ යැයි කියූ ඔහු කතාව අවසන් කළේය.
ජෙහාන් -
‘ජගත් කියපු දේ තමයි ඇත්ත. මේ පාලකයාට බලය දෙන්න කියා කියන ක්‍රීඩකයන්ට, කලාකරුවන්ට මට කියන්න තියෙන්නේ ඒ පාලකයන්ගේ බේබිගේ සහචරයන් ටික අපේ නිදහස් මතධාරී තරුණ කලාකරුවන්ට ගැහුවා. ‘


සෞම්‍ය ලියනගේ -
‘අද ඛේදනීය දවසක්. නිර්මාණ ශීලී ක්‍රියාවන්ට තියන ඉඩ කඩ සීමිත වෙමින් තිබෙනවා. අපි හමදාම ඛේදවාචකය දකිමින් ඉන්නවා. අපිට හැකි පමණින් අපගේ මැදිහත්වීම පුරවැසියන් විදියට දායක වෙන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඊයේ නිශ්පාදනය කළ සිනමා පටයක් තිබෙනවා. ඊනියා කලාකරුවන්ට කියනවා මෙය සංවිදිත ලෙස ලෙස සිනමා ශාලාවලට මුදා හරින්න කියා. මේ සිනමා පටය නිර්මාණය කලේ ඔය කියන ඊනියා කලාකරුවන්. ‘
පරාක්‍රම නිරිඇල්ල -
අපි සාර්ථක දවසකට එළඹිලා ඉන්නවා. සමහරු කියන ජනමූල නායකයාගේ මුහුණේ මල් පිපිලා. ඒකයි මේවගේ දේවල් සිදු වෙන්නේ.
අපි මේ කාර්ය ආරම්භ කළේ 1800ක් පමණ කලාකරුවන්ට ලියුමක් තැපැල් කරලා. එහි අපි පැහැදිලිව පුළුල් වැඩපිළිවෙළක් සඳහන් කර තිබෙනවා.
ඒ ලියුමේ තිබෙන ලිපිනයට අපිට ලියුම් දෙකක් ආවා. ඒ දෙකම අමු තිත්ත කුණුහරපෙන් බැනලා තිබෙන්නේ. එය කළේ කවුද කියා මා හොයා ගත්තා.
මේ ආණ්ඩුවෙන් හම්බකරුපු සල්ලුවලින් සමහර කලාකරුවන් මේ ආණ්ඩුවේ දේශපාලනය කරනවා.අපි කලාකරුවන් ලෙස අනාගත පරපුරට මොනයම් හෝ දෙයක් ඉතිරි කර යා යුතුයි. බිහිසුණු අනාගතයද, කෘරත්වය ද, ඊට උඩගෙඩිදීමක් ද ඉතිරිකර යා යුත්තේ? වන්දිභට්ට කලාවක් අපි ඉතිරි කර යනවද?‘
ජයලත් මනෝරත්න , උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්