Posts

දිනකට ලංකාවේ ගබ්සා 800ක්.

Image
දිනකට ලංකාවේ ගබ්සා 800ක් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සා 800ක් සිදුවෙයි. නිරෝගී දරුවන් සිවු දෙනකු උපදින විට ගබ්සා තුනක් සිදුවෙයි. මේ බව පවසන්නේ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයයි. 2012 වසරේදී පමණක් ගබ්සා 2,88,000ක් සිදුවී ඇති අතර එම සංඛ්‍යාව මසකට 24,000 වන බව සංගමය සඳහන් කරයි.

චීන පටස් කාපු දරුවා රෝහලේදී මියයයි

Image
මුන්දලම ප්‍රදේශයේ වයස අවුරුදු 3 ට වැඩි දරුවෙකු චීන පටස් වර්ගයේ ගිණි කෙලියක් කටේ දමා සපා සිටින විට එය පුපුරා ගොස්  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

පෘථිවිය සූර්යයාට ළං වෙයි

Image
පෘථිවිය දින 365 කට පසුව තම පාලකයා වන සූර්යයාට බොහෝ සෙයින් ළංවීම අද (03දා) දිනට යෙදී ඇත. මෙලෙස පෘථිවිය සූර්යයාට ළංවන අවස්ථාවේදී එම වස්තු දෙක අතර පරතරය කිලෝමීටර් මිලියන 149ක් පමණ වන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. මේ දිනවල ධනු රාශිය පසුබිමෙහි දක්නට ලැබෙන සූර්යයාට පෘථිවිය බොහෝ ළංවීම මෙරටට පමණක් නොව ලෝක කාලගුණය කෙරෙහිද තදින්ම බලපාන බව ඒ මහතා කීවේය.

උපකාරක පන්තියකට යමින් සිටි 14 හැවිරිදියට අතවර

Image
උපකාරක පන්තියකට යමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කර මහ මඟ දමා යන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විවාහක සැකකරුවා ලබන 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාන්චනාද සිල්වා මහත්මිය නියෝග කළාය.

සියලු ඖෂධවල සිල්ලර මිල සඳහන් කිරීම අනිවාර්ය කෙරේ

Image
සියලුම ඖෂධ හා විටමින් වර්ග වෙළෙඳ පළට නිකුත් කිරීමේදී සිල්ලර මිල සඳහන් කිරීම ජනවාරි 01 දා සිට අනිවාර්යය කළ බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මවක් වීමට පෙරුම් පුරන පබෝධා.

Image
ප්‍රවීණ ටෙලි නාට්‍යය නිළියක හා ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සංදීපනී පසුගියදා විවාහ වූයේ ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.

ඩුබායි සිට ගෙනා හොර බඩු මාට්ටු වෙයි

Image
වාප්පු ලිපිකරුවන් දෙදෙනකු එක්වී ව්‍යාජ ලිපි ‍ලේඛන ඉදිරිපත් කරමින් කැලණියේ මාළු දැල් නිෂ්පාදනය කරන සමාගමකට ‍පොලිතින් ගෙන්වන මුවාවෙන් ඩුබායි සිට ගෙන්වා  තිබූ රුපියල් කෝටි දෙකක පමණ වටිනා දුම්වැටි, සුවඳ විලවුන්, සපත්තු සහ ආ‍ලේපන තොගයක් රේගු  නිවාරණ අංශය ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.   ප්‍රතිඅපනයනය සඳහා දැල් නිෂ්පාදනය කරන අදාළ සමාගමේ කිසිදු අනුදැනුමකින් තොරව එම ආයතනයේ නම යොදා ගනිමින් වාප්පු ලිපිකරු දෙදෙනා මෙම ජාවාරම මෙහෙයවා ඇති බව රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂ රංජන්  කනකසබේ මහතා “ලක්බිම”ට පැවැසීය.  

"දෝෂාභියෝගය යළි සලකා බලන්න" ජගත් සංවිධානය කියයි

Image
ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන්   ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳ යළි සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.  

මහේන්ද්‍ර පෙරේරා මතට තිත තියලා .

Image
කියන්න කනගාටුයි නවකයන්ගේ දක්ෂතා අයා‍ලේ යනවා - මහේන්ද්‍ර පෙරේරා   ආධුනික රංගන ශිල්පීන්ට පුහුණුව ලබාදීමට ඔබ රංගන පාසලක් ආරම්භ කළා. ඒකට මොකද වුණේ ? ඒක තේරුමක් නැති දෙයක් කියලා හිතුණු නිසා මම එය නවත්වා දැමුවා.   ඇයි ඒ රංගන පාසලෙන් ඵලක් නැහැ කියලා හිතුණේ ? ඊට හේතුව තමයි රංගනය පුහුණුවන ආධුනිකයන් ඒ සම්බන්ධව නිසි ප්‍රගුණකිරීමක් නොකිරීම. වසරක දෙකක පමණ කාලයක් කැපවීමෙන් යුතුව, විශාල ගමනක් යන්න සූදානම් අයයි එවැන්නකට සහභාගි විය යුත්තේ. නමුත් ඵහැදෑරීමක් කළත් දැනට තිබෙන තත්ත්වය අනුව මෙගා ටෙලි නාට්‍යවලට දායකත්වය ලබා දුන්නට පස්සේ ඔවුන් ඒ කරපු හැදැරීමත් විනාශ වෙනවා. ඒ නිසා මම තීරණය කළා ඒ කාලය මටම කැප කරගෙන මගේ රංගන කටයුතුවලට වැඩි දායකත්වයක් ලබා දෙන්න.

මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා

Image
තමන් තවත් දින තුනකින්, රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි  පැවැසීය. රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන  සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සමීපතම හිතවතුන් සහ කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද රුවන් හෙට්ටිආරච්චි සඳහන් කළේය.

රියදුරන්ට දඩුවම් ලකුණුදීම අද සිට

Image
අද ජනවාරි 1 වනදා සිට රියදුරු අභිවෘද්ධක ලකුණු ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මින් පෙර දන්වා තිබූ විවිධ වැරදි වෙනුවට මහාමාර්ගයේ ධාවනය කරන මෝටර් රථ මගින් සිදු කැරෙන වැරදි දෙකක් පමණක් පදනම් කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව  දැන් වාර්තා වනවා.
Image
විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුලුවීමේ බාධාවක් අද උදෑසන සිට පවතිනවා.

ජැක්සන්ගේ නිවසට හොරු පනියි

Image
ප්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනි මහතාගේ නිවසේ පසුගිය කාලයේ සොරකමක් වී ඇති බව වාර්තා වේ. 

අවුරුදු 84ක මහලු කතකුත් දූෂණය කරයි

Image
ගාල්ල පින්නදූව ප්‍රදේශය වයස අවුරුදු 84ක් වූ මහලු කතක් දූෂණය කර තිබෙනවා. ඇය නිවසේ කාමරයේ සිටියදී කිසියම් පුද්ගලයෙකු ඇයව දූෂණය කරනු දුටු ඇගේ දියණියක් ඒ බව අක්මීමන පොලීසියට පැමිණිලි කොට තිබෙනවා

ගුගල් වලින් "SEX" සොයා ලංකාව පළමු තැනට

Image
අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ   වැඩිම සෙවුම් ප්‍රමාණයක්  ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

වසර දහස් ගණනකට පෙර නියං කාලයේ ගොඩබිම වැවූ "ස්වයංජාත" වී

Image
ලංකාව යනු නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් සහිත රටක් වන නිසා දිගු නියං කාලයන් වලදී වගාවන්ගෙන් අස්වනු ලබාගැනීම දුෂ්කරය. නමුත් වසර දහස් ගානකට පෙර භාවිතා වූ "ස්වයංජාත" ලෙස හඳුන්වන වී වර්ගයෙන් වියලි නියං තත්ත්වයකදී වුවද අස්වනු ලබාගත හැකිය.   මෙම වී විශේෂය වගා කිරීමට කුඹුරක්ම අවශ්‍යය නොවේ. ගොඩබිමක හෝ වගා කළ හැක.

6 දෙනෙකු විසින් දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි

Image
පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි. එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය. 23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත.   බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකඩ වසා ඇත.   මේ ගැන සැක සිතූ වෛද්‍ය ශිෂ්‍යාව එයට විරෝධය පෑමේදී බස් රථ සහයක විසින් ඇයව බස් රථයේ පිටුපසට ගෙනගොස් ඇති අතර ඇයගේ පෙම්වතා එයට විරුද්ධ වීමේදී ඔහුට යකඩ පොල්ලකින් පහරදී බිම දමා ඇත .  

2013 වසරේ අන්තර්ජාල ගාස්තු 8.3%කින් පහලට

Image
අන්තර්ජාල ගාස්තු සඳහා දැනට අය කරන 30%ක බද්ද අද සිට 10% දක්වා අඩු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරනය කර තිබෙනවා. එමගින් අදාළ සේවාවන්ට ගෙවිය යුතු මුදල අඩකින් පමණ අඩුවන බව විදුලි සංදේශන නියාමන කොමිසම පවසා සිටි. මෙම බදු අඩුවීම සිදුවන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සඳහා පමණි.