"දෝෂාභියෝගය යළි සලකා බලන්න" ජගත් සංවිධානය කියයි


UN-Sri-Lanka-featureශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් 
ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳ යළි සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 



 මෙම දෝෂාභියෝගය විභාග කළ තේරීම් කාරක සභාවේ වාර්තාව දේශපාලනීකරණය වී ඇති බවත් ඒ අනුව විනිවිදභාවයකින් යුතුව එම චෝදනා නැවත විමර්ශනය කළ යුතු බවත් ජගත් සංවිධානයේ ස්වාධීන විනිසුරුවරුන්ගේ හා නීතිඥවරුන්ගේ විශේෂ ප්‍රකාශිකාවක වන ගේබ්‍රියල් ක්නවුල් මහත්මිය මාධ්‍ය වෙත ඊයේ (01) ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට විවිධ බලපෑම් එල්ල වූ බවත් ගේබ්‍රියල් ක්නවුල් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත. මෙම තත්ත්වය ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට තර්ජනයක් බවද ගේබ්‍රියල් ක්නවුල් මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්