පෘථිවිය සූර්යයාට ළං වෙයි



පෘථිවිය දින 365 කට පසුව තම පාලකයා වන සූර්යයාට බොහෝ සෙයින් ළංවීම අද (03දා) දිනට යෙදී ඇත. මෙලෙස පෘථිවිය සූර්යයාට ළංවන අවස්ථාවේදී එම වස්තු දෙක අතර පරතරය කිලෝමීටර් මිලියන 149ක් පමණ වන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. මේ දිනවල ධනු රාශිය පසුබිමෙහි දක්නට ලැබෙන සූර්යයාට පෘථිවිය බොහෝ ළංවීම මෙරටට පමණක් නොව ලෝක කාලගුණය කෙරෙහිද තදින්ම බලපාන බව ඒ මහතා කීවේය.


අද සහ හෙට (03, 04) යන දෙදින ඉදිරි සතිය පුරාවටම පොළොවට දැඩි රස්නයක් පතිත වන බවත් අප්‍රේල් මුල් සති දෙකේදී මෙරටට වැඩියෙන්ම සූර්ය රශ්මිය ලැබෙන කාලවකවානුව ලෙස සැලකිය හැකි අතර ඒ කාලයේදී සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වී ගමන් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්