Posts

ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි

Image
දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.

පීඩාවට පත් සංඛ්‍යාව 750,000ක්. - වැව් සහ ගංඟා රැසක් තවමත් අවධානම් මට්ටමේ.

Image
දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හත් ලක්ෂ 50,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අවතැන්වූවන් 60,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි ( video )

Image
වඳුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (26) අලූයම් කාලයේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අද අලූයම 1.30 ට පමණ ප‍්‍රභූ පර්යන්තයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව බලා නික්ම ගොස් ඇති බවයි.

බන්ධනාගාරගතව සිටින සංජේ දත් නැවතත් සිය නිවසට

Image
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි.

හිස් කොපු 17 ක් සොයා ගනී : ප්‍රහාරයට වාහන තුනක්ම ඇවිල්ලා

Image
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගිනි අවි උපයෝගී කරගෙන වෙඩි ප්‍රහාර 30 ක් පමණ එල්ල කර ඇති අතර හිස් උණ්ඩ 17ක් සොයා ගෙන ඇතැයිද පොලිසිය කියයි.

මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්

Image
පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තොගයක් සමග මුද්‍රණාලය හිමිකරුද සේවකයෝ කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබුහ.

ලක්ෂ 10ක මිනී වළක්

Image
පුද්ගලයින් ලක්ෂ 10 ක් පමණ වළදමා තිබෙන බවට සැකකෙරෙන සුසානයක් සොයා ගැනීමට ඊජිප්තුවේ ෆයිරුම් කලාපයේ කැණීම් කටයුතු වල යෙදෙන පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. වළදමා තිබූ සිරුරු 1700 ක් පමණ මේ වන විට පිටතට ගෙන තිබේ.ඒවා රාජකීයන්ගේ නොව සාමාන්‍ය ජනයාගේ බව පුරාවිද්‍යාඥ පිරිස පවසති. මෘත ශරීර වලට විශේෂ ඇගලූම් අන්දවා නොතිබීමෙන්, රාජකීයයන් මෙන් සිරුරු මමීකරණය කර නොතිබීමෙන් ඒ බව හොදින් පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්ලක්. රනිල් පොලිස්පතිට ලියයි.

Image
රාජ්‍ය සේවය කප්පාදු කිරිම සම්බන්ධයෙන් රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක (22) සිදුකළ ප‍්‍රකාශය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්ෂේප කළා.

ලොව දිනන මඟ - ජනපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් අලූත් ව්‍යවස්ථාවක්.

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තුන්වන ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (23) එළිදක්වනු ලැබුවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්වුණු එය නම් කර ඇත්තේ මහින්ද චින්තන - ලොව දිනන මඟ යනුවෙන්. මුලින්ම ආගමික නායකයින් වෙත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිගැන්වූ ජනාධිපතිවරයා අනතුරුව තමන්ට සහාය දෙන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයන් වෙත එය ලබාදුන්නා.

ඇමැති බදුයුදීන් අලුත් මන්ත්‍රීත් එක්ක පනී

Image
කර්මාන්ත හා වාණිජ ඇමැති  රිසාඩ්  බදුයුදීන් හා මෑතදි සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් කැරැණු අමීර් අලී මන්ත්‍රීද සමඟ විපක්ෂ පොදු අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා විපක්ෂයට ගියේය.ඔහු කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේදී  මාධ්‍ය හමුවක්ද ඇමැතීය.

SF ආණ්ඩුවට යන ලකුණු.

Image
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් සහ මන්තී‍්‍රවරුන් පක්ෂ හුවමාරු වූ අවස්ථා අපට පසුගිය දිනවල නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබුණා.

ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කල මහා මොළකරු එල්ල මරායි.

Image
2009 වසරේ පකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහා මොළකරු එල්ල මරා දමා තිබේ.

Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට

Image
  Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට මැදිහත් වන්න.

Image
මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට වහා මැදිහත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට පැෆ්රල් සංවිධානය සූදානම් වනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එළැඹෙන සතිය තුළ පොලිස්පතිවරයා

කාමුක නිළි සනී ලියෝන්ට මෝඩි දෙවැනි වෙයි.

Image
2014 වසරේ ඉන්දියාව තුළ ගූගල් සෙවුම හරහා වැඩි වශයෙන් සොයා ඇත්තේ කාමුක නිළි සනී ලියෝන් පිළිබදවයි. ඒ අනුව දකුණු ආසියාවේ බිලියන 1.2ක ජනග්‍රහණයක ජීවත්වන ඉන්දියාවේ වැඩි වශයෙන් සෙවූ පුද්ගලයා ලෙස කාමුක නිළි සනී ලියෝන්ගේ නම වාර්තා පොතට ඇතුළත් වනු ඇති.

මගෙන් පසු ලාමා පරපුර අවසන්. - දලයි ලාමාතුමන්.

Image
තමාගෙන් පසු දලයි ලාමා පරපුර අවසන් වනු  ඇතැයි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමා පවසනවා. බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් එතුමන් කියා සිටියේ තමාගේ මරණින් පසු සියවස්

ජනාධිපතිවරණය දා පොලීසියට ටී 56.

Image
කටවුට් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෛත‍්‍රීගේ පැත්තට අදත් පිල් මාරු රැසක්

Image
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න අද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.