ලක්ෂ 10ක මිනී වළක්



පුද්ගලයින් ලක්ෂ 10 ක් පමණ වළදමා තිබෙන බවට සැකකෙරෙන සුසානයක් සොයා ගැනීමට ඊජිප්තුවේ ෆයිරුම් කලාපයේ කැණීම් කටයුතු වල යෙදෙන පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
වළදමා තිබූ සිරුරු 1700 ක් පමණ මේ වන විට පිටතට ගෙන තිබේ.ඒවා රාජකීයන්ගේ නොව සාමාන්‍ය ජනයාගේ බව පුරාවිද්‍යාඥ පිරිස පවසති.
මෘත ශරීර වලට විශේෂ ඇගලූම් අන්දවා නොතිබීමෙන්, රාජකීයයන් මෙන් සිරුරු මමීකරණය කර නොතිබීමෙන් ඒ බව හොදින් පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

මමීකරණය කර නොතිබුණද කාන්තාර වැල්ලෙන් ඒවා ස්වභාවික මමීකරණයකට භාජනය වී තිබෙනු හඳුනාගත හැකිය.පුරාවිද්‍යාඥ පිරිසට අනුව ඉතාම හොදින් සංරක්ෂණය වී තිබූ මෘතශරීර කිහිපයක්ම මේ වන විට හමුවී තිබේ.
ඔවුන් මිහිදන් කර තිබූ සුසානය කිරගරුඬ පර්වතයක සිදුරු තනා නිර්මාණය කර තිබෙන්නකි.එය මීට වසර 1500 කට පමණ පෙර ඊජිප්තුව රෝම හා බැබිලෝනියානු අධිරාජ්‍යයින්ගේ පාලනය යටතේ පැවැති සමයේ නිර්මාණය කෙරුණක් බවට සැළකේ.
මෙසේ විශාල පිරිසක් මිහිදන් කෙරුණේ ඇයිදැයි ගැටළුවකි.සුසානයට ආසන්නයේ පිහිටි නගරයේ වර්තමානයේ සේම අතීතයේ පවා විශාල ජනතාවක් සිටි බවට සාක්ෂි නොමැත.
අනෙක් අතට හමුවෙමින් තිබෙන මෘතශරීර එකකට එකක් සමාන තත්ත්ව වල පැවතීම හෙයින් එම සිරුරු එකම සමයේ වළදමා තිබෙන ඒවා බවට සැකකළ හැකි බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉදිරි කැණීම් කටයුතු වලින් ගැටළුවට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්