පීඩාවට පත් සංඛ්‍යාව 750,000ක්. - වැව් සහ ගංඟා රැසක් තවමත් අවධානම් මට්ටමේ.

දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හත් ලක්ෂ 50,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අවතැන්වූවන් 60,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා මාර්ග රැසක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා. මාඔය පිටාර ගැලීම හේතුවෙන් කොළඹ - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය අලව්ව - වාරියගොඩ ප‍්‍රදේශයෙන් ජලයෙන් යට වුණා. මහනුවර - මහියංගනය මාර්ගය මහනුවර - බදුල්ල මාර්ගය, අකුරණ - මාතලේ මාර්ගය, නුවර - කුරුණෑගල මාර්ගය, වලපනේ - රාගල යන මාර්ගවල පස් කඳු කඩා වැටීම හේතුවෙන් සිදුවූ අවහිරතාවයන් යථා තත්ත්වයට පත් කිරීමට තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. අයහපත් කාලගුණය පවතින ප‍්‍රදේශවල ගමනාගමනය සිදුකිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 267 0000 අංකය ඇමතීමෙන් පූර්ව තොරතුරු ලබාගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මාර්ගවල ගමනාගමනය සිදුකිරීමේදී හදිසි පස් කඳු කඩා වැටීම් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අධික වැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප‍්‍රධාන ජලාශ 73න් 61ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මාතලේ, නාවුල සහ බෝවතැන්න ප‍්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් බෝවතැන්න ජලාශයේ වාන්  දොරටු උපරිම මට්ටමින් විවෘත කර ඇති අතර ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

කාසල්රි ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කැළණි ගෙඟ් ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වයත් සමග විශේෂයෙන් කිතුල්ගල, හංවැල්ල, අවිස්සාවේල්ල ආදී පහත්බිම් ප‍්‍රදේශවල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතුයි. කතරගම වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6 ද තවදුරටත් එලෙසින්ම විවෘතව පවතිනවා.                          

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ති‍්‍රවිධ හමුදාව සහ ස්වේච්ඡුා සංවිධාන මේ වන විට සක‍්‍රීයව මැදිහත් වී තිබෙනවා. විශේෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ආපදාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා යුද හමුදා සෙබලූන් 2000ක් පමණ යොදවා ඇති අතර අනෙකුත් ප‍්‍රදේශවලට ද ති‍්‍රවිධ හමුදා භට පිරිස් යොමු කර තිබෙනවා.

ජලගැලීම්වලට කොටු වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට සහ සුබසාධන කඳවුරු තුළ රඳවා සිටින පුද්ගලයින්ට අවශ්‍ය භාණ්ඩ රැගෙන යාම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් ද යොදවා ඇති බව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ප‍්‍රකාශ කළා. බෙල් 212 වර්ගයේ එක් හෙලිකොප්ටරයක් යොදා ගනිමින් සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතර, එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් මගින් අවශ්‍ය භාණ්ඩ සුබසාධන කඳවුරු වෙත ලබාදීම සිදුකළ  බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 363ක් ලබාදී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ කටයුතු නිසි පරිදි ඉටු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ද ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර  අදහස් දක්වමින් සදහන් කළා.

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායකගෙන් අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉදිරි පැය කිහිපය තුළත් ප‍්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්