හිස් කොපු 17 ක් සොයා ගනී : ප්‍රහාරයට වාහන තුනක්ම ඇවිල්ලා



විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගිනි අවි උපයෝගී කරගෙන වෙඩි ප්‍රහාර 30 ක් පමණ එල්ල කර ඇති අතර හිස් උණ්ඩ 17ක් සොයා ගෙන ඇතැයිද පොලිසිය කියයි.

සැකකරුවන් ජීප් රථ දෙකකින් හා වෑන් රථයකින් පැමිණ ඇතැයිද අලුයම 12.45ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති අතර වේදිකාව ඉදිකරමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයිද කියති.
එහි ආරක්ෂාවට සිටි වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් කණ්ඩායම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පොලිසිය රාජකාරිය පැහැර හැර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුනට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයෙන් පිටත්ව ගොස් සුළු මොහොතකින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයිද කියති.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්