Posts

හොර වෛද්‍ය වාර්තා පෙන්වා සිඟා කෑ කල්ලියක් අත්අඩංගුවට

Image
ලෙඩ රෝග වලින් පෙලී මිය ගිය දරුවන්ගේ වෛද්‍ය වාර්තා පෙන්වමින් බස් රථ වල ගමන් ගන්නා මගීන් ගෙන් මුදල් එකතු කරන සංවිධානාත්මක කල්ලියක් හුංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

19 සංශෝධන කෙටුම්පත එළිදක්වයි

Image
පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සම්පාදනය කළ 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඊයේ මහජන කථිකාවක් සඳහා එළිදක්වනු ලැබුවා. කොළඹ පැවති මෙම උත්සවයේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදාළ කෙටුම්පත පළමුව පිළිගන්වනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහටයි.

ඔබෙ දත් කහාපාට ද ?

Image
ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.

Download A/L Exam Accounting, Economics, BS Model Papers 2014

Image
විභාග ප්‍රශ්න පත්‍ර

නොමිලේම ගෙදරටම Headphone එකකුත් ගෙන්නමු

Image
නොමිලේම ගෙදරටම Headphone එකකුත් ගෙන්නමු. SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක.  ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.

යෝෂිත ආබාධයට ලක්වීම හේතුවෙන් නායකත්වය නාමල් ට

Image
එළඹෙන තුන්කොන් අන්තර්ජාතික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වයට හිටපු ගල්කිස්ස ශාන්ත තෝමස් පි‍ලේ නායක හා වත්මන් නාවික හමුදා ක්‍රීඩා සමාජයීය ක්‍රීඩක නාමල් රාජපක්ෂ පත්කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සම්මේලන මගින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ලංකාවේ නිෂ්පාදනය කරන ලද බැටරියෙන් ක්‍රියාකරවිය හැකි ගිනි අවියක්

Image
ලංකාවේ නිෂ්පාදනය කරන ලද බෝර 6 ගල්කටස් ගිනි අවියක් හංවැල්ල දිද්දෙණියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි අවියේ විශේෂත්වය වන්නේ එය බැටරියෙන් ක්‍රියාකරවිය හැකි වීමය. මිරිහාන පොලිසිය විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ. මනෝජ් කුරේ-මොරටුව

මෙහෙණින් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ පුච්චලා

Image
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ආරාමයක සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙහෙණින් වහන්සේ නමක් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ ගිනි පෙනෙල්ලකින් පුච්චා තිබේ. ඉකුත් (30) දා, පෙරවරු 10.30 ට පමණ දොළොස් හැවිරිදි දැරිය ආරාමයේ කුස්සිය අතුගෑවේ නැතැයි පවසමින් මෙහෙණින් වහන්සේ ඇයට බැන වැදී ඇතැයි පැවසේ. අනතුරුව දෙදෙනා අතරේ බහින්බස් වීමක් සිදු වී ඇතැයි කියති. එම අවස්ථාවේ ලිපේ තිබූ ගිනිපෙනෙල්ලක් ගෙන දැරියගේ මුහුණේ කිහිප තැනක්ම පුච්චා ඇත.

එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය

Image
ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.

ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

Image
ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය.  ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

මරදානේ වැටලූ ගණිකා මධ්‍යස්ථානය

Image
මරදාන ප්‍රදේශයේ රහසිගතව පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද වටලණු ලැබුවා. එහිදී කාන්තාවන් 7 දෙනෙකු අත් අඩංගුවට පත්වූ අතර ඔවුන් අළෙවි වී තිබුනේ රු. 2,500න් ඉහල මිල ගනන් වලටයි. ඒ අතර ගැබිනි කාන්තාවකද වුනා. හදිසි අවස්ථාවකදී පැනයාමට කුරුබිලියක් හා සැඟවී සිටිය හැකි කුඩා කුටි ද තිබී ඇති මෙය පවත්වාගන ගොස් තිබුනේ තරුණියන්ගේ නවාතැන්පොලක් ලෙසයි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

Image
බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා. IHIPST ආයතන මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මිනී කාමරේට එන මළ සිරුරෙනුත් කප්පම් ගන්න මිනී කාක්කෝ

Image
පියවතී දිරිමත් ගැහැණියක වූවාය. තම සැමියා ඔත්පලව එකතැන් වූ දිනයේ සිට තම පවුලේ පිරිස ජීවත් කරවීමට ඇය දහදුක් වින්දාය. දරු දෙදෙනා හා සැමියාගේ එදාවේල සොයාගන්නට පියවතී කුලීවැඩ පවා කළාය. එහෙත් ඇය උභතෝකෝටික ගැටලූවකට මුහුණ දුන්නේ හදිසියේම තම සැමියා මියයාමත් සමගය.

පොකැට් ගහන අපූරු ලලනාවෝ

Image
ලස්සන කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පි හැප්පි බස් එකේ ආවා. මම ඒ කෙල්ල දිහා බලද්දී ඒකි මට උකුළු මුකුළු කළා. ඒකි මගේ ඇඟේ හැප්පි හැප්පි ආපු නිසා මමත් පොඩි ෆන් එකක් ගත්තා. බස් එකේ හිටගෙන ආපු මහන්සියවත් දැනුනේ නැහැ. බස් එකෙන් බැහැලා බලද්දී තමා දෙලොව රත්වුනේ. ඒකි මගේ පඩි සල්ලි තිබුණ පර්ස් එකට විදලා. පිටිපස්සේ සාක්කුවට අත යවන බව මට තේරුණා ඒත් ඒක මං එච්චර ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ නැහැ ඒ කෙල්ල මේ වගේ දෙයක් කරයි කියලා. මම හිතුවේ ඒ කෙල්ල හොඳ රස්සාවක් කරන එකියක් කියලයි මචං.” පඩි සල්ලි පොකැට්ටුව කලිසම් සාක්කුවේ දාගෙන ගෙදර එන අතරවාරයේ ලස්සන කෙල්ලෙකුගෙන් ෆන් එකක් ගන්න ගිහින් අකරතැබ්බයකට මුහුණ දුන් තරුණයෙක් ඔහුගේ හොඳම මිතුරා සමග පැවසුවේ දැන් ඉතිං මාසේ ගෙවා ගන්නේ කොහොමදැයි කියා විමසමිනි.

වස දී දිවියකු මරලා

Image
පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද වනජීවී නිලධාරීන් පවසයි. සමනල අඩවි වනාන්තරයේ දිවියන් ඉතා සීමිත සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවත් මේ එහි සිටි දිවියකු විය හැකියැයි ද ඔවුහු කියති. කිසියම් අයකු විසින් වස දීමෙන් දිවියා මරා දමන්නට ඇතැයි ද සැකයක් පවතී. අඩි හයක් පමණ දිගට ඉතා හොඳින් වැඩුණු දීප්තිමත් සමකින් යුතු දිවියාගේ සිරුර ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ලාංකික යකැදුරු රියැදුරාට කස පහර 100ක්

Image
සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.  පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය. රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.

චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවකට මැර ප්‍රහාර

Image
චෙන්නායි, එග්මෝහි පිහිටි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාර එල්ල වී තිබේ.  ඊයේ (7)  පස්වරුවේ එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් එහි සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වෙ.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල විරෝධතා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මැර ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.  15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ. 

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Image
කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.  ඒ අනුව හෙට පස්වරු 8.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.  වොක්ෂෝල් වීදිය,කොටුව, පිට කොටුව, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත, කුමාරන්රත්නනම් පාර සහ මැලේ වීදිය ප්‍රදේශවලට ජල සැපයයුම අත්හිටුවනු ඇති.