චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවකට මැර ප්‍රහාර


චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවකට මැර ප්‍රහාරචෙන්නායි, එග්මෝහි පිහිටි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාර එල්ල වී තිබේ. 

ඊයේ (7)  පස්වරුවේ එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් එහි සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වෙ. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල විරෝධතා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මැර ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ. 

තමිල්නාඩුවේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පවසයි. 

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්ය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්